හිතුවක්කාරකම් පහළොවයී 🔥

596 72 40
                                    

"අනේ පිස්සු කියවන් නැතුව හිටාන් අක්කෙ. මට නම් දොයිමතයි . ඔහෙත් ගිහින් දොයිය ගනින්...."

" කියන්නෙ නැත්තන් හිටපන් ඉතින් . කොහොමත් උබ පන්ඩිත පප්පනෙ. පුකේ ඉදන් මොලේ. ඒකනි ඉතින් ඔය.  පස්සෙ වරෙන් අක්කෙ හුක්කේ , හුඥේ පඥේ ගාගෙන... "

" මොකද මොකද ඔයා ආ ? අවධානෙද ඉල්ලන්නෙ ? ඇයි ඇයි ඔයා ආ? ගේමද ?"

" කියන් නෑ මං උබට..ගේම නෙවෙයි කුස්සිය. නිදියපිය හෝතම්බා...."

අක්කව විකාර කියෝල පන්න ගත්ත හින්දා සැනසීමෙ නිදාගන්න හැදුවත් කොහෙ සැනසීමක්ද . දවල් යුගීත් කියපු දේවල් එක්ක තවදුරටත් එයාට යුගී , ගොබී , සුදූ , සුදු මහත්තයා  කියලා හිතින්වත් කතා කරන්න මට හිත හදාගන්න බැරි උනා. එයාට පණ ඇරල ආදරේ කරන්න කොල්ලෙක් ඉද්දි තුන් කොනක්වත් , අනියමක්වත් වෙලා එයාගැන හිතන්න පවා මට හිත හදාගන්න බැරි උනා.  ඇයි දෙයියනේ මම පරක්කු උනේ ...
හිතින්වත් උබ ගැන අයිතියක් නොඉල්ලුවට අනේ රත්තරං අමතක කරල වෙනතක් බලාගන්න බැරි තරමට මම උබට ආදරෙයි නෙ. වෙන එකෙක්ට දීලා අත පිහගන්න ලෝභ උනත් මට උබව දෙන්න වෙලානෙ පණ .
"ටක්" මෙච්චර වෙලා හිතින් දුර යන ගමන් හිටිය මම තවත් දේවල් නොහිතා නැවතුනෙ මගේ කදුලක් කොට්ටෙට වැටුනු සද්දෙ හින්දා . මොකද මම ඇඩුවොත් උදේට ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. මගේ දුකකට අනික් අයව කොහොමද මම දුකට  පත් කරන්නෙ. එයාල මං ගැන වද වෙන තරම් හොදටම ඇති. ඒ වගේම මොකක් හරි හේතුවකට මට දැනෙන්න අරන් තිබ්බා මේක නෙවෙයි මට අඩන්න වෙන මොහොත කියලා.
ඉතින් ඉක්මනට කදුලු පිහගත්ත මන් තනියෙන් කොට්ටෙත් එක්ක හිනා වෙලා නිදාගත්තෙ හිතින්වත් හඩා නොවැටෙන්න; ඇස් පියාගන්න පමාවට මට නින්ද යන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන්.

.........

පහුවදා උදේට ඔෆිස් එකට ගියාම තමා දැනගන්න හම්බුනේ වෙලා තියෙන විපර්යාසෙ ...
අලුත් මැනේජර් කෙනෙක් එකතු වෙලා කම්පැණි එකට... එයා 20% ක ෂෙයාර්ස් ලෙන්ස් එකෙන් අරගෙන සල්ලි දීලා. දැන් පොරට ඔෆිස් එන්න හැමදාම ඕනි හින්දා මැනේජර් කෙනෙක් විදියට බැදිලලු ඔෆිස් එකට. අපේ වට්ටි අම්මලා ටිකයි , ටානියයි දන්නෙ විස්තර ඔච්චරයි වෙද්දි මටත් තිබ්බෙ පුදුම නොඉවසිල්ලක් කවුද මේ අලුත් පොර කියලා බලන්න . Avenue එක යටතේ නොවී වෙනම කට්ටියක් ලෙන්ස් එකේ කොටස් මිලදී ගත්ත පළවෙනි වතාව හින්දා හැමෝම හරි උනන්දුවෙන් ඉන්නෙ හැමදාම දකින නාකි පප්පලා වෙනුවට අලුත් මූණක් බලාගන්න ...
දොර දිහාටම බෙල්ල දික් කරන් ඉදලා කොක්කු වගේ බෙලි දික් කරගත්තු අපේ සෙට් එකටම සැනසීමක් අත් කරල දෙන්න අලුත් ෂෙයාර්ස් හෝල්ඩර් ආවා වෙද්දි සමහරුන්ට නම් ගත්ත හුස්ම පාත හෙලා ගන්න බැරුව බලන් හිටියෙ කාපු ඇටිකෙහෙල් හිරවුනු උගුඩුවෝ වගේ .


හිතුවක්කාර 🔥 ( Yizhan ) Complete ✅Where stories live. Discover now