හිතුවක්කාරකම් විසි පහායී 🔥

567 73 131
                                    

නෙතුන් pov :-

මගෙ මිනිහට මං කවුද කියලා කියපු ගමන් අහන්න ප්‍රශ්න පත්තරක්ම තියෙන බව දන්න හින්දම නිදිමතක් බිල්ලට තියලා මං කරේ පුක උඩ දාන් නිදියපු එක .මොකද දැන්ම ඕවා කියන්න ගිහින් නොකියවිය යුතූ දේවල් එහෙම කියවුනොත් හෙන කැතයිනෙ ඉතින්. සැමියා උනත් මොකද සැගවිය යුතු දේවල් සැගවිය යුතුයිනෙ. යුගාගෙ ෂර්ට් එක අස්සට වෙලා කුක්කු බීවෙ බාගෙට දොයිමතේ ඇග උඩ නැගන් උනත් මම ෂර්ට් එකෙන් එලියට එද්දි නම් අපි කෑම මේසෙ ලග ! කාමරේ ඉදන් මෙතෙන්ට ආවෙ  කොහොමද කියලා ලොකු අයිඩියා එකක් මට නැති වෙද්දි මම කරේ සද්ද නැතුව බලන් හිටපු එක. මොන ජල්බරියක් උනාද දන්නෙ නෑනෙ මං එන්න කලින්...
කෑම කන්න කිව්වට පොඩි එකාට දෝමත හින්දා දෙපැත්තට වැනි වැනී ඉද්දි අනේ අපරාදෙ කියන්න බෑ මගෙ මිනිහා කියන එකා මට කැව්වා කියාන්කෝ...

මං නම් කියෙන්නෙ ඔය සුදු තාත්තිලා හොයාගන්න වෙලේ හොයාගනිල්ලකො මේ මගෙ වගේ හස් බෑන් ඩ් කෙනෙක් . ම්හුක්. වරදියිද ඉතින් . හුම් හුම් ....

අපි දෙන්නගෙ ආතරණීය දර්සනේ දිහා කට්ටිය කටවල් ඇරන් හිටියට මොකෝ කවුරුත් බලන්නෙ නැති හැටි මහ හාමුවාගෙයි , මහ මැණිකෙගෙයි ප්‍රේම වෘතාන්තෙ දිහා. සීයා තාත්තා දැන් වයසයිනෙ ටිකක් වැඩිපුර . ඉතින් අත්තම්මා හොරෙන් හොරෙන් මස් කෑලි පොඩි පොඩි තීරු ගලෝ ගලෝ සීයා තාත්තගෙ පිඟානට දානවා සීයා තාත්තට කන්න ලේසි වෙන්න. අත්තම්මගෙ පිගාන ෆුල් කටු හින්දා කුකුල්... 🐓 🐔
එතකොට සීයා තාත්තා අත්තම්මගෙ ඔලුව අතගානවා. කොන්ඩෙ හදනව . එකම විකාරයයි එතන . සර්වියට් එක හරි බිම දාලා බිමට නැවෙන ගමන් අත්තම්මගෙ කම්මුල් වලටත් ජොක් චොක් ගගා උම්මා දෙනවා.... ම්හුක්.... කවුරුත් නෑනෙ මේවා බලන්‍ට. මේවා දැකලා මගෙත් කනකුත් සතු උනාත මන්තා සැජ්ජාවට.

අපි කට්ටියම කාලා බීලා ආයෙ කාමර වලට ගියෙ දෝයන්න කියලා . ඉතින් මගෙ මිනිහා වොස්රූම් දේවතාව වැදලා එන්න ගිය වෙලාවෙ මගෙ පෝන් එකට සුපුරුදු නම්බරෙන් ආවෙ මැසේජ් එකක් ...

📳📥 හෙට උදේ 10 ට ?

උදේ දහයට එන්නලු...ම්ම්

📤 පුරුදු තැනට !

හිතුවක්කාර 🔥 ( Yizhan ) Complete ✅Where stories live. Discover now