🐇 " සුදු මහත්තයා"
🦁 " ම්ම්ම්..මක්කද කාරණේ මයෙ මැණිකෙ ?"
🐇" අනේ විහිලු නෙවෙයි සුදු මහත්තයා "
🦁" ඇයි ඉතින් මේ දුක් වෙන්නේ.. ම්ම්.. මං දැන් බලාගෙන විනාඩි විස්සක් තිහක් තිස්සෙ... හිටියෙ මගෙ තුරුලෙ උනාට කල්පනාව තිබ්බෙ වෙන ලෝකෙක . මොකක්ද කාරණාව සුදු මැණික ?"
දෙන්නගෙ කසාඳෙ හෙට උදේ. ඉතින් පෙම්වතුන් විදියට එයාලා ගෙවන අන්තිම දවස නිසා දෙන්නා එක්කම පාර්ක් එකකට ආවේ නිදහසේ ටිකක ඉන්න කියලා . ඇත්තටම කිව්වොත් ආවා නෙවෙයි ගෙදර මිනිස්සු එයාලව පැන්නුවා කිව්වා නම් තමා වඩා නිවැරදි.
එහෙට මෙහෙට දුව දුවා වැඩ කරන ඩබලව දැක්කාම පව් කියලත් හිතෙනව ඇති ඒ මිනිස්සුන්ටත්. බැඳගන්න කියලත් කොච්චර නම් මහන්සි වෙනවද ...
බැඳගන්න කලිනුත් රෑට රෑට කෑ ගගහා වැඩ කරපු බව නම් හැබෑව. ඒ උනත් දැන් සැරසිලි වැඩයි හැම එකක්ම කරන්නෙත් දෙන්නා මහන්සි වෙලානෙ...
උඩරට විදිහට කසාඳයක් ; ඒ කියන්නෙ නිළමෙලා දෙන්නෙක්ව පෝරුවට නග්ගලා, අෂ්ඨක කියලා කරන කසාඳෙකට නෙතුන් අකමැති උනු හින්දා එයාලා තීරණය කරේ චර්ච් එකකට ගිහින් western විදිහට වෙඩින් එක ගන්න. ඉතින් අලුත් චාරිත්ර වාරිත්ර එක්ක එයාලට ඉගෙනගන්න දේවලුත් ගොඩක් එකතු වෙලා තිබුන හින්දා දෙන්නටම එකට ඉන්න ලැබුනු වෙලාව හුගක් අඩු වෙලා තිබුනා. ඉතින් පවුල් දෙකේ අය බලෙන් හරි අරන් දුන්නු මේ පොඩි වෙලාව දෙන්නටම හුගක් වටිනව...
🐇 " සුදු මහත්තයා , අපි වෙඩින් එක ප්රසිද්ධ නොකර ගමුද ඒයී ? "
🦁 " ඇයි එකපාරටම ? ම්ම්ම් "
🐇 " ම්ම්ම්.. න්. නිකම් ..."
🦁 " නිකම් නෙවෙයි . ඔයා හේතුව මගෙන් හංගනව මැණික. මොකක්ද හේතුව ? ම්ම්ම්
අනික ඔයාගෙ ජීවිතේට තිබුනු බලපෑම් වගේ හේතු නිසා එන්ගේජ්මන්ට් එක හංගන එකට මං විරුද්ධ උනේ නෑ තමා . හැබැයි සුදූ අපේ කසාඳෙ හංග හංග ගන්න මට හේතුවක් නෑ . අපිට තිබුනු ලොකුම පිලිලෙ දැන් ඉවරයිනෙ. "🐇 " මට බයයි ගොබියෝ "
🦁 " ඒ මොකද මගෙ කුරුලු පැටියො "
YOU ARE READING
හිතුවක්කාර 🔥 ( Yizhan ) Complete ✅
Fanfictionහිතුවක්කාරයෝ දෙන්නෙක් එකට මුණගැහුනාම කොහොම තියේවිද 🤷🥀