හිතුවක්කාරකම් හතළිස් අටායී 🔥

869 54 505
                                    


ೋ❀❀ೋ═══ • ═══ೋ❀❀ೋ
      ⓕⓘⓝⓐⓛ ⓔⓟⓘⓢⓞⓓⓔ

අම්මි ඇස් දෙක පියාගෙන ඉන්නකම් පුතු එක්ක කයිය ගැහුවට මොකෝ අම්මි නැගිට්ට ගමන් මගෙත් ස්වරාලෙට කලින් ඇස් වල කදුලු නාලිකා ලීක් වෙන්න ගත්තනෙ.

සුදු මැණිකට ඉතින් හරි ප්‍රශ්න ඇයි මං එයාව ඉම්බෙ කියලා . හනේ ඉතින් උම්මියක් දුන්නත් වැරදියි නොදුන්නත් වැරදි මේකාට. මොකක් කරන්නද මුන් ඔක්කොම බොටම්ලාගෙ පවර්නෙ මේ පෙන්නන්නෙ...

අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවාහ්හ්

කාපන් පුතේ කට්ට කරවල ගැහුවනම් කර මරාල වලට...

මගෙ කොල්ලගෙ කටට බ්‍රේක් නම් ඉස්සර ඉදන්ම පිහිටලා නොතිබුනු එකේ මට තමා දෙන්නටම හරියන්න හෑන්ඩ් බ්‍රේක් ගහන්න වෙන්නෙ දැන් . නැත්තන් පොඩි එකා පළවෙනි වචනෙට අම්මා හරි අප්පච්චි හරි නොකියා ගස් සෙවල හුප්ටා නැත්තන් හිකනල් පම්කයා වගේ කුණුහරපයක් කියන්න බැරිකමක් නෑ ...

🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃

කාලය
අකුරු තුනක තේරුම නප්පෙටම පෙන්නපු , ජීවිතේට දැනෙන්නම දීපු කාලෙ තමා මං අප්පච්චියෙක් වෙන්න පෙරුම් පුරපු කාලෙ.

අම්මාට අක්කා නැති වීම එක්ක ඒ කාලෙ මාවත් අතෑරෙනකොට මට නොරිස්සුමක් නොදැනුනා නෙවෙයි නෙ. ඒ උනාට මට අම්මා කියන මනුස්සයා උහුලන වේදනාව හරියටම තේරුනේ මගෙ මැණික අම්මෙක් වෙන්න ගිය කාලෙයි. වේදනාව දැනෙන්න තුවාල වෙන්නම ඕනි කියන්නෙ නිකම් නෙවෙයි .

පළවෙනි මාස දෙක තුනම මොන කෑම කෑවත් ඒ ටික දිරවන්න කලින් ආපිට යන්නෙ මගෙ මැණික 'අනේ මට මහන්සි මහත්තයා' කියාගෙන කදුලු පුරවන් මට හේත්තු වෙනකොට. මං දන්නෙ නෑ අපි කොච්චර නම් කට්ටක් කෑවද කියලා කෑම පොඩ්ඩක් හරි කවන්න .

ඒ උනාට කාපු කෑම ආයෙ උඩ ඇදෙද්දි බඩ පපුව පිච්චීගෙන දැවිල්ල අල්ලද්දි අපුලටම කොල්ලා නෙවෙයි කෑම ගැන කතා කරේවත්. ඒ උනාට ඒ හැම වේදනාවක්ම දරාගෙන දරුවා වෙනුවෙන් බත් කටක් හරි කාගන්න පුදුම තරම් කට්ටක් මගෙ මැණික කෑවා.

දුවලා , පැනලා ගෙවපු ජීවිතේ සම්පූර්ණයෙන්ම ගෙදරට කොටු වෙලා වමනෙ හලන්න උනත් කොල්ලා නෙවෙයි වචනයක් කිව්වෙ මේ හැමදේම උබ නිසා කියලා . ඒ හැම වේදනාවක්ම රත්තරන් දරාගත්තේ හරි සතුටෙන්.

හිතුවක්කාර 🔥 ( Yizhan ) Complete ✅Where stories live. Discover now