හිතුවක්කාරකම් දහයායී 🔥

681 80 50
                                    

" ඔය ඉස්සරහින් නැග්...නෑ නෑ . ඔය ඉස්සරහ දොරෙන් ගොඩ වෙච්චි අයියලා අක්කලා , නංගිලා මල්ලිලා , නැන්දලා මාමලා , ආච්චිලා සීයලා කට්ටිය කෝ ටිකට් ගන්න. "

ටානියා දීපු ආතල් එකෙන් පස්සෙ කොන්දොස්තර මළයා ලැජ්ජාවට මූණත් රතු කරන් පිටිපස්සෙ දොර ලගට ගියා ගියාමයි ආයෙ ඉස්සරහට ආවෙ ටිකට් කඩන්න විතරමයි . ඒකත් ටිකට් කඩද්දි  ඉස්සරහින් නැග්ග උන් කියනව වෙනුවට ඉස්සරහ දොරෙන් ගොඩ වෙච්චි අය කියන්න ගමන්.

 ඒකත් ටිකට් කඩද්දි  ඉස්සරහින් නැග්ග උන් කියනව වෙනුවට ඉස්සරහ දොරෙන් ගොඩ වෙච්චි අය කියන්න ගමන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( කොන්දොස්තර මළයා )

( කොන්දොස්තර මළයා )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(ඩ්‍රයිවර් අයියා)

ආයෙම පැය ගාණක් තේ බොන්න හෝටලේක බස් එක නවත්තනකම්ම වැඩි විශේෂ යමක් උන් නැති උනත් මට තිබ්බ ලොකුම ප්‍රශ්නෙ ගෙදර අයට කෝල් එකක් අරන් ගොබීගෙයි ටානිගෙයි සම්ප්‍රාප්ත වීම ගැන කේලම දිගාරින්නෙ කොහොමද කියන ප්‍රශ්නෙයි. ඇයි ඉතින් මම යන යන තැන මේ ඩබල ඉන්නවනෙ. නිදහසේ ඔක්සිජන් ටිකකටවත් පෙනහැල්ලට යන්න දෙන්නෙ නෑ මුන් දෙන්නා ඒකත් හොයනව.
ඩ්‍රයිවර් මහතාට පිං සිද්ධ වෙන්න අන්තිමට බස් එක හෝටලේකට දැම්මෙ මගෙ පොඩී සැනසීමක් ගෙනත් දෙන ගමන්...
බස් එකෙන් බැස්ස ගමන් අතේ පයේ හිරි යවාගනා එහෙට මෙහෙට ඇඹරිලා ඇගමැලි කඩා ගත්තු මං සුම්ටක් විතර අර අල්කාඩාවන්ට නොපෙනෙන්න අයිනකට ඇවිත් කෝල් එකක් ගත්තෙ අප්පච්චිට. වයර් රහිත කිරල ඇබ දෙකකුත් කනේ ඔබන් කෝල් එක යනකම් ලග තිබ්බ වතුසුද්ද ගහක කොල කඩ කඩා හිටියෙ ඇස් වල කදුලු පිරෙනකම්ම කම්මැලිකමට ඈනුම් යව යවා....

හිතුවක්කාර 🔥 ( Yizhan ) Complete ✅Where stories live. Discover now