සිත පුරා ඇදීගන ගිය වේදනාවේ සලකුණු ඉක්මනින් මැකී නොයන බවක් අරලියට හැගුනේය.... ඇත්තෙන්ම පිටින් දකින්නෙකුට මේක මහ විකාරයක් වුවද ඒ විකාරයට තම සිත බොහෝ සේ ඇලුම් කරන බවක් අරලියට දැනෙයි.... ජිවිතේ කවදම හරි දවසක කෑවද බිව්වද කියා සොයන කොහෙද ඉන්නේ කියා බනිමින් සැර දමමින් සොදුරු ලෙස තම ජීවිතයේ අයිතිය පවරාගත් සොදුරු අයිතිකරුවෙක් ගැන අරලිය සිහින දකිමින් සිටිය මුත් තම ආත්මීය සහකරු කොහේ ඇති දැයි ඔහු නොදනියි..... එසේම කවදාක හමුවේදැයිද නොදනියි... සියල්ල දෛවයට අනුව, පෙර කල පින් පව් අනුව සිදුවෙන බව පමණක් ඔහු දැන සිටියේය...
දුම්රිය ඇද්දීමට පලමු නලා හඩ නාද කරනවාත් සමග පියවි සිහියට ආ අරලිය කිසිදු හැගිමකින් තොරව දුම්රියට නැග්ගේය.... ඇගිල්ලක් ගහන්නට ඉඩක් නැති දුම්රිය මැදිරියේ සියල්ලෝම ඔවුනොවුන්ගේ ලෝක වල තනි වී සිටියෝය....
"මොකෝ බන් මේ වෙලා තියෙන්නේ...."
තම උරහිසට අතක් තබා කවුරුන් හෝ එසේ ඇසූ විට අරලිය ගැස්සුනේය...
"ආ... රොහාන්..."
"රොහාන් තමයි බන්.... නැතුව අප්පුහාමියැ...... මම ඇහැව්වේ ගෑනි දාලා ගිය මිනිහා වගේ ඔහොම ඉන්නේ ඇයි කියලා.... මම දැන් ටිකක් වෙලා ඉදලා බලාගෙන හිටියේ.... බැරිම තැම උඹට කථා නොකරම කෝච්චියට නැග්ගේ උඔ මොනාද කරන්නේ කියලා බලන්න.... මොකද බන් වෙලා තියෙන්නේ... ප්‍රශ්නයක් තියනවා නම් කියහන්...."
"නෑ බන්.... ඉතින් දාලා යන්න වත් ගෑණියෙක් නෑනේ මට..."
සිත සාංකාවෙන් පිරිගොස් ඇති නිසාදෝ අරලියට නොදැනීම සුසුම් හෙලිනි...
"මගුලක් කියවනව.... ඔය බලහන් ඒක කියන කොටත් උබ හූල්ලනවනේ බන්.... ඇත්ත කියහන්.... මට නොකියම උබ මොනා හරි අමුනගන හිටියවත්ද....."
"අනේ මේ පිස්සු කියන්න එපා බන්.... අනික එහෙම මොනා හරි තිබ්බා නම් මම උබට නොකියා ඉන්නවද..."
"හරි..... එහෙනම් කියපන් උඔ ඔච්චර දුක්වෙන්න හේතුව මොකද්ද"
"මම උඹට පස්සේ කියන්නම් රොහාන්...."
"හරි හරි මල්ලි... මේකත් මතක තියාගනින් කොල්ලෝ.... අපිට කොලේ වහලා චිත්ත කෑලි වල පැටලුනා වගේ නෙවෙයි පස්සේ නහයෙන් අඩාගෙන එන්න එපා..."
YOU ARE READING
අරලිය || Non-fic BL
Non-Fictionඅරලිය....... පැහැයෙන් සුදු මලක් වන අතර විටක නිවී පහන් වී ගිය සිල්වත් බවකුත් තවත් විටක කැරකෝපුවක දැනෙන මූසල බවකුත් ගුප්ත අදුරු බවකුත් සිතට එක් අතර ජිවිතයේ කළු හා සුදු පැහැය නියෝජනය කරන මලක් යැයි මා විශ්වාස කරමි.....