03 වන අරලිය මල

357 60 6
                                    

සිතේ ඈත කොනක සැගවි ඇති හැගීම් එකින් එක අවදි වනු දැනෙයි..... ජීවිතය විදින්නට සිහින මැවූ බැදිමක සුවදක් අරලියට ඔහු වෙතින් දැනෙන්නට විය... ඒ නිසා හද සසල කරමින් දැස් යන්තම් තෙමී යන බවක්ද දැනේ.... තවදුරටත් ඔහු හා රන්ඩු කරමින් වාද කරමින් දගලන්නට හිතට ශත්තියක් නැත... කොමෙන් කෙමෙන් කොළඹ බලා යන කාර්යාල සේවකයන්ගෙන් දුම්රිය වේදිකාව පිරි යන්නට වූ බැවින් ඔවුන් ද විටන් විට හැරි බලයි....

"අනේ ප්ලීස් අයියේ..."

"මල්ලි... ඔයා කිසිම දෙයක් ගැන හිතන්න එපා...."

තවත් ඔහු හා රන්ඩු කරන්නට ශක්තියක් නැත.... දෑසට උනන කදුළු වලක්වා ගත නොහැකි වූ අරලිය දමාගන සිටි කන්නාඩි දෙක ගලවා අතට ගෙන අසල බංකුවේ වාඩිවිය... අරලියගේ දෑසේ කදුලු පිරි යනු දුටු සැනෙන් ඔහු බොහෝ සේ කලබල වන්නට විය.... ඔහුද අරලියගේ ලගින් වාඩිවිය...

"සොරි මල්ලි..."

ඔහු අහිංසක ලෙස ඇස් පුංචි කරමින් කියන විට අරලිය පුමයක් දැනුනි... කුඩා කල සිට අම්මායි අප්පච්චියි දෙන්නගෙන්ම යමක් ලබාන්නට සටහන් කර නොහැකි වූ කල අවසන් තුරුම්පුව ලෙස පාව්විචි කරන්නේ මේ ආයුධයයි... තම දෑසේ යන්නතමින් හෝ කදුළු දුටු විට අම්මා එය ගණන් නොගත්තද අප්පච්චිට එය දරාගත නොහැකිය.... එවිට අම්මා විරුද්ද වෙමින් දමන සියලුම චෝදනා අප්පච්චි විසින් නිශ්ප්‍රබා කර අරලියගේ ඉල්ලිම් ඉටුකරදෙයි.... එහෙත් මේ මොහොතේ එය හිතා මතා නොකලද සිතට දැනුන හැගිමේ බර වැඩි කම නිසාම එසේ සිදුවිය.... එහෙත් ප්‍රථිපලය එකම වූයේ කෙසේ දැයි අරලිය දෑස් විසල් කර ඔහුගේ දෑස් දෙස බලමින් තම සිතෙන්ම අහන්නට විය.... අප්පච්චිගේ ආදරයේ සීමා මායිම් නැත.... ඒ නිසාම තමගේ කුඩා වේදනාවක් පවා ඔහුට තදින් දැනේ... ඒත් තම කදුළු වලට ඔහුව සසල වන්නට තරම් සංවේදි වූයේ ඇයි....

"මට සමාවෙන්න මල්ලි... මම පිස්සු විදිහටයි හැසිරුනේ... ඔයා එපා කිව්වනම් මට තිබුනා ඒක ආපහු අරගෙන යන්න... ඒත්... මට තේරෙන්නේ නෑ මල්ලි..."

ඔහු නොසන්සුන් බවින් යුතුව වට පිට බලමින් පසු තැවිල්ලෙන් යුතුව කථා කරන විය.... කුමක්දෝ දරාගත නොහැකි හැගිමක් සමග අරලියගේ හදවත වේගයෙන් ගැහෙන්නට විය...

අරලිය || Non-fic BLWhere stories live. Discover now