ආර්යන් බලාසිටින විදිහට අරලිය අපහසුතාවක් දැනුනි.....
තමන් වරදක් කලා කියන හැගීමෙන් අරලියගේ සිතද පිරී යන්නට විය..... මොහොතක් සුසුම් හෙලා අවසානයේ අරලිය තීරණය කලේ සියල්ල කථා කර විසදා ගතයුතු බවයි......
"ඊයෙ වෙච්ච හැමදේටම මට සමාවෙන්න සර්..... මම දන්නේ නෑ සර් කොයි වෙලේ මගේ ගාව වාඩි උනාද කියලා...."
"ආ..... ආ.... ඇත්තට..... ඉතින්... ඉතින්...."
"නෑ ඉතින් මම අනූ කියලා හිතලා තමා සර්ගේ උරහිසේ ඔලුව තියා ගන තියෙන්නේ....."
"හරි ඒ හැමදේටම සමාවක් දෙන්න පුලුවන් කියමුකෝ..... ඉතින්....."
"ඉතින්.... මේ..... වෙච්චදේට සමාවෙන්න සර්...."
අරලිය කිසිවක් මතක නැති බවක් පෙන්වමින් පැවසිය.....
"හරියටම ෂුවර්ද ඒකට විතරයි සමාව ගන්න ඕනේ කියල.... වෙන මොනවත් කිව්වෙ නෑ කියලා...."
"ආ.... ඔවු සර් එච්චර තමයි....."
අරලියට බොරු කියන්නට බැරිය.... බොරු කියන විට ඔහුට සිනා යන්නට එයි..... මේ මොහොතෙත් ඔහුගේ මුවට නැගෙන සිනාව අමාරුවෙන් තද කරගන සිටියේ ආර්යන් කේන්ති ගැස්සවිය යුතු නැති නිසාය....
"ආ..... ඇත්තද මහත්තයෝ.... ඒ කියන්නේ අර නාගසලං වෙන්න ගහපු එකෙක් වගේ මට තුරුල් වෙලා නිදි මරගාතේ කියවපුවා උඹට මතක නෑ..... දැන් උබ ඔය තටම තටම ඒකනෙහ් කියන්නේ......"
"ඇත්තටම මම මොනාද කිව්වෙ සර්....... අනේ මම මොනා හරි වැරදි දෙයක්වත් කිව්වද සර්.... මට සමාවෙන්න ඕනේ මම ඒ වගේ වැරදි දෙයක් කිව්වනම්......"
"අනේ නෑ..... මුකුත්ම වැරදි දෙයක් කිව්වේ නෑ...... ඒ වගේම තමුසේ මොනා හරි දෙයක් කිව්වද.... ඒ මොනාද කිව්වේ කියලා මතක් කරන්න ඔය පුංචි මොලේ අමාරුවෙන් වෙහෙසන්න එපා..... හරි හරි..... මේ තියෙන්නේ සම්පුර්ණ වැඩසටහන් විස්තරේ...... හවස හතර වෙනකොට අපි රිහසල් පටන් ගන්නවා..... ඒක නිසා හරියටම වෙලාවට ඇවිත් ඉන්නවා..... අනිත් එක එනවුසින් වලට ගැලපෙන හඩන් නොතිබුනොත් කරන්න දෙයක් නෑ.... වෙන කෙනෙක්ව මට මේ වැඩේට හොයාගන්න වෙනවා...."
ආර්යන් අරලිය අසලින් නැගිට්ටේය......
"අම්මෝ ඔයින් ගියා ඇති... "
STAI LEGGENDO
අරලිය || Non-fic BL
Saggisticaඅරලිය....... පැහැයෙන් සුදු මලක් වන අතර විටක නිවී පහන් වී ගිය සිල්වත් බවකුත් තවත් විටක කැරකෝපුවක දැනෙන මූසල බවකුත් ගුප්ත අදුරු බවකුත් සිතට එක් අතර ජිවිතයේ කළු හා සුදු පැහැය නියෝජනය කරන මලක් යැයි මා විශ්වාස කරමි.....