සිතට දැනෙන කුතුහලය නිසා සිත එක තැනක රදවාගෙන එනවුසින් කරන්නට බැරි උන නිසා කවුෂිට ඉතිරි වැඩ ටික බාරදි අරලිය කුටියෙන් එලියට පැමිණියේය... මේ වන විට දැඩි ලෙස තරගකාරි තරගයන් බොහොමයක් ආරම්භ වී ඇති නිසා උත්සවය ඇති පිට්ටනිය අවට පිට ජනතාවගෙන් පිරී ඉතිරී ගොස්ය.... මේ අතර අරලිය අරමුනක් නැතිව ඔහේ ඇවිද යන්නට විය.... ඇත්තටම ඒ දැක්කේ මගේ යටි හිතේ තිබුන මායාවක්ද...
"මේ වගේ රස්නේ වෙලාවක අයිස් ක්‍රිම් එකක් කෑවොත් කොහොමද..."
ඒ හඩට අරලිය ගැස්සි නතර විය.. ආපසු හැරි බලන්නට අපහසු වුවත් වෙනසක් නැති බවක් පෙන්වා ආපසු හැරි බලන්නට විය.... ඒ ඔහුය... නිල් පැහැති ටීෂට් එකක් හා සුදු පැහැති ඩෙනිම් කලිසමක් ඇද සිටි ඔහුගෙන් වෙනදා ඔෆිස් ඇදුමට නොදකින කඩවසම් බවක් අරලිය දුටුවේය.....
"මොකෝ මේ... මාව අදුරන්නේ නැද්ද.... ඔවු ඉතින් ලොකු එනවුසර් කෙනෙක් උනාම එහෙමනේ..... අපි වගේ පොඩි අයව පේන්නේ නෑ නෙහ්.... මම දැක්කා උදේ ඉදන් අරහෙට මෙහෙට කැරකි කැරකි දුවලා පැනලා ලස්සනට එනවුස් කරනවා... හැබැයි එදා ස්ටේෂන් එකේදී මගේ අතින් ඔයාගේ බෑග් එක කැඩුන වෙලාවේදි මට බනිනකොට නම් ඔය වගේ ලස්සන කටහඩක් ඇහුනේ නෑනේ...."
ඔහු ඇස් නටව නටව කතුරක් මෙන් කියවන්නට විය.....
"අනේ බොරු කියන්න එපා අයියා.... මම ඔයාට බැන්නේ නෑ...."
එක වරම හිතේ කොතනක හෝ සැගවී තිබු වේදනාවක් මතු වූ කලක මෙන් අරලිය අහිංසක ලෙස කීවේය.... අරලියගේ හඩේ හැගීම් බර බව වැඩි උනාදෝ කියා සිතුනේ දෙව්සරගේ දෑස් දෙස බලනවිටදීය....
"ආ.... හරි හරි... මේ අයිස් ක්‍රීම් එක ගන්නකෝ..."
"අනේ සොරි අයියා.... මම අයිස් ක්‍රීම් වලට එච්චර කැමැති නෑ...."
සිතට කොහොදෝ නැති අහංකාරකමක් එක්වරම ආවේ කෙසේ දැයි අරලියටම හිතා ගන්නට බැරි විය....
"සොරි මල්ලි...."
එසේ පැවසූ ඔහු එක වරම සිය අතේ තිබූ අයිස් ක්‍රීම් එක අසල තිබූ ඩස්බින් එකට විසි කලේය....
"අයියෝ අයියා..... ඇයි ඒක විසිකරලේ......"
"විසිකරන්නේ නැතිව අර මනුස්සයා ගාවට ගිහින් කියන්නද අනේ දැන් මට අයිස් ක්‍රීම් කන්න ආසාවක් නෑ.... මේක අරගන ආපහු සල්ලි දෙන්න කියලා..... කන්න බෑ නම් ඉතින් විසිකරනවා ඇරෙන්න මොනා කරන්නද....."
YOU ARE READING
අරලිය || Non-fic BL
Non-Fictionඅරලිය....... පැහැයෙන් සුදු මලක් වන අතර විටක නිවී පහන් වී ගිය සිල්වත් බවකුත් තවත් විටක කැරකෝපුවක දැනෙන මූසල බවකුත් ගුප්ත අදුරු බවකුත් සිතට එක් අතර ජිවිතයේ කළු හා සුදු පැහැය නියෝජනය කරන මලක් යැයි මා විශ්වාස කරමි.....