අරලියගේ සිතේ මෙතෙක් දවස් තිබූ දුක වේදනාව සිල්ලම අතුරුදන් වී ඇත....
අරලියගේ සිතට දැනෙන සතුට දරාගත නොහැකිය.... ඔහුගේ සිත පුදුමාකාර ලෙස සැහැල්ලූ වී ඇතැයි ඔහුට සිතුනි.....
ආර්යන්ගේ මුහුන බලන්නට යම් අපහසුවක් දැනුනත් එය අරලියගේ හිතේ පිරිලා තියන සතුටට බාදාවක් වූයේ නැත..... අරලිය තනිව සිනා සෙමන් ඔහුගේ අසුන වෙත යන්නට වූ අතර අනුහස් මුහුද දෙස බලාගෙන කා සමග දෝ ෆෝන් එකෙන් කථා කරනු පෙනෙයි.... කාර්යාලයේ බොහෝදෙනෙක් කෑමට ගොස් ඇති බැවින් අරලිය පිටුපසින් ගොස් අනුහස්ව තදින් බදාගෙන කම්මුල සිපගත්තේය..... එහෙත් අනුහස්ගේ හැසිරීමේ කිසිදු වෙනස් නොවූ අතර ඔහු කෝල් එක කට් කර ආපසු හැරුනේය....
"පිස්සුව හොදටම තද වෙලා වගේ....."
අනුහස් සිනා සෙමින් අරලියගේ කනින් අල්ලමින් පැවසිය....
"වෙන්න ඇති බන්..... දැන්නම් ඇත්තටම පිස්සු වගේ...."
"ඇත්තද..... දන්නවද දැන් ටිකකට ඉස්සෙල්ලා මට කතා කරේ කවුද කියලා....."
අරලිය නැහැ යැයි හගවමින් හිස වැනීය...
"උබලගේ ඔය තුන්කොන් ප්‍රේමයේ අනිත් කොන...."
"මොකක්...."
"ඩෙවෝන් ඔය මගුල නතර කරා කියල උඹ ගාවට ආවට කුෂාන් ඌව අතරින්නේ නෑ..... ඒක මට උගේ කථාවෙන් හොදට තේරුනා.... අනික කුෂාන් මට කෝල් එකක් ගත්ත පලවෙනි පාරත් මේක නෙවෙයි..... හැමදාම උන්දෙන්නා රන්ඩු උනාම ඌ මට තමයි මුලින්ම ගන්නේ..... අනේ මන්දා මට මේවා තේරෙන්නේ නෑ බන්.... උඹටත් ඉතින් කොච්චර කිව්වත් මොලයක් නෑනේ.... උඹට තියෙන්නෙත් එසේ මෙසේ උණක් නෙවෙයි නෙහ්..... කැසිල්ලක් නෙහ්...."
අරලිය දෑස් විසල් කරගන අනුහස් දෙස බැලිය..... අරලියගේ දෑසට කදුළු පිරි ගියේ ඔහුටත් නොදැනීමය....
"උඹ හිතන්නේ මම වටේ යන දකින දකින එකත් එකක් බුදිය ගන්න අමාරුවක් තියන එකෙක් කියලද....."
"අයියේ..... මේ.... නෑ..... බන්..... අනේ මම..... කොල්ලෝ....."
"නෑ අනූ.... මම දන්නවා උඹත් මම ගැන හිතන්නේ එහෙම කියලා..... අනේ මමත් මනුස්සයෙක් අනූ...... මටත් හැගීම් දැනීම් තියනවා....... ජීවිතේ පටන් ගන්නකොටම ආදරය හොයන්න ගිහින්න වෙන්න ඕන ලැජ්ජාවල් ඔක්කොම වෙලා ජීවිතේ අන්තිම අඩියේ ඉදලා ගොඩදාගත්ත කොල්ලෙක් බන් මන්..... ඒත් දෙයියනේ එහෙම උනා කියලා මේ ලෝකේ අනිත් මිනිස්සුන්ට වගේම මගේ හිතටත් අයේමත් ආදරය නොදැනී තියෙන්නේ නෑ අනූ...... ඇයි බන් මට ජීවිතේ අලුතින් පටන් ගන්න තහනම්ද..... එක පාරක් එකෙක්ට ආදරය කියලා රැවටිලා හැමදේම නැති කර ගත්තත් මගේ හිත ආයෙමත් ආදරයක් ඉල්ලනවා අනූ...... අනේ මමත් මනුස්සයෙක් නේ බන්..... මට එක එකා එක්ක බුදියගන්න තරම් අමාරුවක් නෑ..... ඇත්තටම මට ඒ දේ ඕන නෑ කියලා කියන්නේ නෑ අනූ..... මට ඒ දේ ඕන.... ඒත් ඒ මට ආදරය කරන මම ආදරය කරන එකා එක්ක විතරමයි අනූ..... ඌත් එක්ක විතරමයි..... මට ඕනේ ආදරය විතරයි.... මම හොයන්නේ ආදරේ අනූ..... මේ තනිකමෙන් ගෙවිලා යන මගේ ජීවිතේට අත්වැලකුයි ඕනේ..... මගේ මෝඩකන් වලට ආදරයෙන් බැනල හදාගෙන ජීවිතේ කියලා දෙන..... හැම වෙලාවෙම මගේ හිතට ඌ මාගේ ගාව ඉන්නවානේ කියලා හිතාගෙන ඒ හැගීමෙන් හිත ශක්තිමත් කරගෙන ජීවත් වෙන්න ශක්තියක් වෙන එකෙකුයි මම හොයන්නේ..... ජීවිතේට සතුට විතරක් නෙවෙයි කරදර එනකොටත් මගේ අතින් අල්ලගෙන මාව රැකගෙන මගේ ගාව ඉන්න එකෙක් ඕනේ අනූ......"
YOU ARE READING
අරලිය || Non-fic BL
Non-Fictionඅරලිය....... පැහැයෙන් සුදු මලක් වන අතර විටක නිවී පහන් වී ගිය සිල්වත් බවකුත් තවත් විටක කැරකෝපුවක දැනෙන මූසල බවකුත් ගුප්ත අදුරු බවකුත් සිතට එක් අතර ජිවිතයේ කළු හා සුදු පැහැය නියෝජනය කරන මලක් යැයි මා විශ්වාස කරමි.....