කාමරය පුරා විසිරි ඇති මද අදුර හා සීතල කපාගෙන මන්ද ආලෝකය සෙමින් ලගා එයි....
වැසි වැටුනු රාත්‍රියක් නිමා කොට සුන්දර බණ්ඩාරවෙලට තවත් එක් සුන්දර දවසක් උදා වෙමින් ඇත..... කාමරයේ දමා ඇති ජනෙල් තිර සම්පුර්ණයෙන් නොවැසුනු තැන් වලින් උදා වන නැවුම් හිරු කිරණ මීදුම කපාගෙන කාමර පුරා විසිර යයි.....
ආර්යන්ට දහවල් වන තෙක් නිදන්නට පුරුද්දක් නොවුවත් තවමත් තම පපුවට තදින් තුරුලු වී නිදන අරලියව ඇහැරවන්න ලෝභ සිතුනි..... ජීවිතේ පලවෙනි වතාවට තමන්ට මෙහෙම කෙනෙක් රැයක් පහන් වන තෙක් තුරුලු වී නිදාගත්තාමය..... විටක අරලිය නින්දෙන් මොන මොනා දෝ මුමුනමින් ආර්යන්ගේ බෙල්ල බදාගෙන නිදන්නට වු අතර තවත් මොහොතක ඇගට කකුල් දමා පපුවට තුරුල් වී නිදාගන්නට විය..... කෙනෙකු හා එසේ නිදා නුහුරු බැවින් විටින් විට ඔහුගේ දැගලිල්ල සමග ආර්යන්ගේ නින්ද කැඩුනද ඒ උණුසුමෙන් මිදි යා නොහැකි බවක් ඔහුට දැනුනි.....
අසල ඇති ඔරලෝසුවේ උදෑසන හය පසුවෙමින් තිබූ නමුත් අරලිය තවමත් නිදයි..... අනුහස් හා සැලසුම් කරගත් විදිහට උදෑස හත වන විටවත් ගිණුම් පරික්ෂාවට යන කාර්මාන්ත ශාලාවේ සිටිය යුතුය...... එකවරම ආර්යන්ගේ ෆොන් එක රින්ස් යන්නට විය..... අතපත ගා ෆෝන් එක සොයා ගත් ආර්යන් ඉක්මනින් එය විසන්ධි කලේය.....
"අනේ අනූ.... උඹටත් අර හිට්ලර්ගේ ලෙඩේ බෝ උනාද..... උඹත් ඒ විකාර ටොන් එකම දාගන තියෙන්නේ..... හොද එකා වගේ ඕක මාරු කරහන් හාද ..... මගේ දතුත් හිරි වැටෙනවා බන් ඒ ටෝන් එකට......"
අරලිය දෑස් පියාගන අනුහස් කියා හිතාගන ආර්යන්ට කියන්නට විය......
"අම්මාට හුඩු..... කවද ඉදන්ද බන් උබ ජිම් ගියේ...... මේ උබේ බඩේ සික්ස් පැක් අහුවෙනවනේ..... ගල් බනිස් වගේ....."
අරලිය ඇස් පියගනම එසේ කියවමින් ආර්යන් ඇද සිටි ෂර්ට් එක අස්සෙන් අත දමා පපුව අතගාන්නට විය..... එකවරම දොරට ගැසු හඩින් ආර්යන් ගැස්සි පියවි සිහියට පැමිණ නැගිට ගොස් දොර ඇරියේය......
"ගුඩ් මෝනිං... අනේ සොරි.... සර් අපිට පරක්කු වෙනවා ඒකයි මම බලන්න ආවේ....."
YOU ARE READING
අරලිය || Non-fic BL
Non-Fictionඅරලිය....... පැහැයෙන් සුදු මලක් වන අතර විටක නිවී පහන් වී ගිය සිල්වත් බවකුත් තවත් විටක කැරකෝපුවක දැනෙන මූසල බවකුත් ගුප්ත අදුරු බවකුත් සිතට එක් අතර ජිවිතයේ කළු හා සුදු පැහැය නියෝජනය කරන මලක් යැයි මා විශ්වාස කරමි.....