09 වන අරලිය මල

206 41 5
                                    

වැටෙන්නට ගිය අරලියව රොහාන් ඉදිරියට පැන අල්ලා ගත්තේය....

නමුත් දැසට ඉනු කදුළු වලකා ගැනිමට අරලියට නොහැකි විය... අමතකවීම ස්භාවධර්මයෙන් මිනිසුන් ලද ආශිර්වාදයකි.... ඒ නිසාම ජීවිතය පුරා ඇතිවන සිත්තැවුල් දුක් වේදනා කාලයත් සමග යටපත් වී අමතක වී යයි.... එහෙත් මෙලෙස පණමෙන් ආදරය කල වුන් අමතක වීම, ආදරය කලහැටි අමතක වීම ශාපයකි..... දින කිහිපයකින් හරිහැටි කෑමක් නැති නිසා දෙව්සර සෙමින් තල්ලු කරත් අරලිය විසිවී ගියේ ඇගට පනක් නොතිබූ නිසාය....

රොහාන් කෝපයෙන් දෙව්සරට යමක් කියන්නට ගියද අරලිය ඔහු වැලකුවේය.....

"මොන දේ උනත් මම තාම එයාගේ... ඒ නිසා එයාට බනින් එපා මට ඒක දරාගන්න බෑ....."

යැයි අරලියගේ යටි සිත කෑගසන්නට විය....

අරලිය හා රොහාන් සෙමන් සෙමෙන් නිහඩවම ඇවිදගෙන එන්නට විය..... වෙනදා තොරතෝන්චියක් නැතිව කියවන කටකාරයා අද ලොකු කල්පනාවක බව අරලියට දැනින....

"රොහාන්..."

"මුකුත් කියන්නත් මුකුත් අහන්නත් එපා..."

"හරි මම මුකුත් කියන්නේත් නෑ.... අහන්නේත් නෑ..... උඹම කියහන්...."

"උඹට පිස්සුද යකෝ.... ලැජ්ජා නැද්ද ඔය විදිහට අරූගේ පස්සෙන් යන්න..... යකෝ ඌට උඹව එක පාරක් එපානම් උබට සියපාරක් එපා කියලා හිටහන්කෝ...."

අරලිය අසරන ලෙස රොහාන් දෙස බැලීය....

"ඇයි ඔහොම බලන්නේ..."

"නෑ බන්....... ඒක උඹ ඔය කියන තරම් සරල නෑ....."

"අනේ මගෙන් කුණුහරප අහගන්න එපා බන්.... දැන් කාලේ පෙට්ටිය කඩාගත්ත කෙල්ලොත් ඒකිගේ පෙට්ටිය කඩපු එකාව දවසෙන් දෙකෙන් අමතක කරන කාලයක් මේක...."

"මගෙත් පෙට්ටිය කැඩුනා බන්....."

"අනේ.....මේ......"

රොහාන්ට සිනාව නතර කරගන්නට බැරි විය.... මොහාතකට සියල්ලම අමතක කර දෙදෙනම සිනාසෙන්නට විය.....

ගේට්ටුවෙන් ඇතුලු උන දෙන්නා පන්තියට නොයා හැමදාමත් දෙන්නා එක්ක කථා කර කර ඉන්න ඉස්කොලේ පිට්ටනිය ලග තියන ගල් බංකුවේ වාඩි වී අව්වේ දගලන පොඩි උන් දිහා බලාගෙන ඉන්නට විය.... ඒ පොඩි ලමයි ජීවිතේ බරක් පතලක් නොදැන කෑකෝ ගසන අයුරු බලා සිටින්නට සුන්දරය....

අරලිය || Non-fic BLWhere stories live. Discover now