"වට් ද හෙල්..........."
මොහොතකින් සියල්ලම නිහඩ විය....
වටපිටාවේ ඇති වායු සමීකරන වලින් නික්මෙන ශබ්දය පමණක් ඇසෙන තරමේ එසේත් නැත්තම් කාර්‍ය්‍රාලය තුල දිග හැර ඇති ලිපි ගොණුවක පිටු පෙරලෙන ශබ්දය පවා නිවරවුල්ව අසා ගැනිමට හැකි තරමේ නිහැඩියාවක් රජ කරන්නට විය....
සිද්ද වෙන්නේ නම් හොද දෙයක් නොවන බව අරලියගේ සිතට දැනෙයි... ඔවුන් අසලින් සිටගන සිටිනා උසට සරිලන මහතින් හා කඩවසම් බවින් අනූන මහ අහංකාර පෙනුමැති තරුණයා කවුද කියා හිතා ගැනීමට අරලියට බැරිය...
වෙනදට කාර්‍ය්‍රාලය තුල චන්ඩියා වෙච්ච ඩෙවෝන් සරුත් වැරදි වෙයික්කියකට පැන්න බලු නාම්බෙක් වගේ නකුට කකුල් අස්සේ ගහගන බලාගෙන ඉන්නවා දකින කොට අරලියට එන පොට හොද නැති බවක් දැනින...
"මේක ඔෆිස් එකක්ද නැත්නම් ප්ලේ ග්‍රවුඩ් එකක්ද ආ.... මොකද අනුහස් තමුසෙලාට වෙලා තියෙන්නේ.... වැඩ නැද්දා ආ.... ඩෙවෝන් මේ මිනිස්සු පිස්සු කෙලිද්දි ඔයා මොකද කරන්නේ....."
නැවතත් පරිසරය මොහොතක් නිහඩවී ගියේය..... ඒ ඇස් දෙස බලන්නට බැරිය... ඒ බයටද නැතිනම් වෙන මොනාහරි හැගිමකටද කියා අරලියට නොදැනෙයි....
"මටත් කියනවද මෙතන මොනාද වෙන්නේ කියලා....."
ලොකු සර්ව දකින විට අරලියගේ කකුල් මැන්ඩලින් ගහන්න විය.....
"අප්පච්චි මේ...."
අරලියට දෙලොව රත්වුනි.....
"දෙයියනේ එතකොට මෙයාද මේ ඔෆිස් එකේ ගෑණු පරාන ටික පන නැහැගෙන වහවැටිලා ඉන්න ප්‍රංශ කුමාරයා...."
යැයි අරලිය සිතීය... ඔහු සර්ගේ පුතා බව දැනගත් විට අරලිට ඊලගට මොනා වේවිද කියා හිතා ගන්නට බැරිය....
"මම ඔක්කෝම දන්නවා පුතා.... අපි කොන්ෆරන්ස් රූම් එකට ගිහින් කථා කරමු.... යමු..... ඔය ළමයිනුත් ඔය ලමයින්ට තියන වැඩ ටික කරගෙන යන්න...."
ලොකු සර්ගේ වචන වලට සිත නිවී ගියත් තමා තාමත් අවදානම් කලාපේ බව අරලියට දැනින...
"අනේ සොරි අනු...."
"මගුලක් කියනවා.... ඒකා හයිබ්‍රිඩ් සතෙක් බන්.... උඹ ගණන් ගන්න එපා.. මම බලා ගන්නම්....."
YOU ARE READING
අරලිය || Non-fic BL
Non-Fictionඅරලිය....... පැහැයෙන් සුදු මලක් වන අතර විටක නිවී පහන් වී ගිය සිල්වත් බවකුත් තවත් විටක කැරකෝපුවක දැනෙන මූසල බවකුත් ගුප්ත අදුරු බවකුත් සිතට එක් අතර ජිවිතයේ කළු හා සුදු පැහැය නියෝජනය කරන මලක් යැයි මා විශ්වාස කරමි.....