ආර්යන් තදින් අරලියව බදාගත්තේය.... අරලිය මහ හඩින් අඩමින් ආර්යන්ට තුරුලු විය...
"මැට්ටා කාගෙන් පලිගන්න ද දන්නේ නැ ඊයේ රෑ කෑවේ නැත්තේ...."
"වෙන කාගෙන්ද ඉතින්..... තොගෙන් මිසක්..."
"චික් විතරක්..... කථා කරන කැත... කට හපන්න හිතෙනවා....."
"ඉතින් මම බය වෙයි..."
"ඇත්තද හිටපන් කෝ... "
ආර්යන් අරලියගේ දෙතොල් වෙත ලංවෙන විටම දොරට ගහන හඩක් ඇසුනි....
"සර් මම වේලු..."
ආර්යන් වහා බිම වැටුන පොත් හා ෆයිල් අහුලා පිලිවෙලට මේසයෙන් තබා ඉක්මනින් දොර ඇරියේය...
"සර් මෙන්න කිරි එක... මේකත් ඉස්සෙල්ලා කිරි එක වගේ සීතල වෙන්න අරින්න එපා සර්...."
"ආ... හරි වේලු.... මම බොන්නම්....."
ආර්යන් දොර වසා කිරි වීදුරුව අතින් ගෙන ඇවිත් කොට්ටයක් හේත්තු කර ඇද විට්ටමට හේත්තු විය... අරලිය ඇවිත් ආර්යන්ගේ කකුල් මැදින් වාඩි වී ආර්යන්ගේ පපුවට තුරුලු විය...
"ඔය ඉතින්... තියන විසේට තව පොඩ්ඩෙන් මේ කිරි එකත් ඇගේ හැලෙනවා...."
"සොරි සොරි... මම යන්නම්....."
"අම්මෝ මේකා ගිණි බෝම්බයක් නෙහ්...... ඉන්න.... ඉන්න...."
ආර්යන් අරලියට යන්න නොදි සිය පපුවට තුරුල් කරගත්තේය...
"උගුරක් බොනවද පැටියෝ...."
"එපා... "
"හ්ම්ම්ම්..... රසයි... අපේ මේ වත්තේ දෙනුන්ගේන් උදේ දොවගත්ත එලකිරි.... කෝපි චුට්ටකුත් එකතු කරලා තියෙන්නේ....."
අරලිය එසේ කිරි බිමට ආසා නොවූවත් ආර්යන් බීපු කිරි එකෙන් උගුරක් බොන්නට ආසා හිතුනි.... අරලිය පොඩ් එකෙකු සේ කට ඇරිය පසු ආර්යන් වීදුරුව සෙමින් ඔහුගේ මුවට ලං කලේය.... ඇත්තටම අමුතුම නැවුම් රසයක් එහි ඇති බවක් අරලියට දැනුනි..... එලකිරිවලින් ඔහුට වෙනදට දැනෙන අමිහිරි සුවද කෝපි සුවදින් මැකී ගොස් අමුතුම රසයක්ද එක් වී තිබුනි....
"කොහොමද.... රසයි නේද....."
"එච්චරම නෑ.... ඒත් අමුතු රසයක් තියනවා....."
YOU ARE READING
අරලිය || Non-fic BL
Non-Fictionඅරලිය....... පැහැයෙන් සුදු මලක් වන අතර විටක නිවී පහන් වී ගිය සිල්වත් බවකුත් තවත් විටක කැරකෝපුවක දැනෙන මූසල බවකුත් ගුප්ත අදුරු බවකුත් සිතට එක් අතර ජිවිතයේ කළු හා සුදු පැහැය නියෝජනය කරන මලක් යැයි මා විශ්වාස කරමි.....