"මම සංජන.... ඔයා අරලිය නේද...."
අරලිය සිනා සී ඔහුට අතට අත දුන්නේය.... සැහැල්ලු දගකාර හිනාවක් ඔහුගේ මුහුනේ නතර මතුවෙන බවක් අරලිය දුටුවේය....
"ඔවු මම අරලිය..."
"ම්..... අමුතු නමක්..... "
"හුගක් අය කියවනවා...."
"ආ... හුගක් අය කිව්වේ...... ම්.... කවද ඒ..."
අරලිය ගැස්සි බැලීය.... හුගක් අය කියා කට වචනෙට කිව්වට එසේ පැවසූයේ දෙව්සර පමණි..... දෙව්සර තම නම ඇසූ මුල් දිනයේ තම නම අමුතු නමක් වග පැවසූ අයුරු අරලියගේ සිහියට නැගෙන්නට විය....
"හරි හරි..... අපි අහන්නේ නෑ කවුද කිව්වේ කියලා..."
"මගේ යාළුවෝ තමයි කිව්වේ..... "
"ආ.... හරි හරි..... ඉතින් කොහොමද වැඩ ටික ලේසිද....."
"අමාරු නෑ..... ඒත් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා..."
"ආ... ඒකට කමක් නෑ..... ටික දවසක් යනකොට වැඩ ටික කරන සිස්ටම් එක හුරුවෙයි.... මුලින් ඔහොම තමයි.... හරි එහෙනම් මම සීට් එකට යනවා.... කම්මැලියි වගේ හරි එහෙම නැත්තම් මොනාහරි අහගන්න ඕනනම් හරි මගේ ගාවට එන්න..... කිසිම අවුලක් නෑ...... ඒත්....."
"ඇයි ඒත් කිව්වේ...."
"නෑ මේ.... අපේ චුට් බේබි...."
"සංජු.... උබේ ඔය පෙට් නේම් එක කොයි වෙලාවේ හරි සර්ගේ කනට යනවා...."
අසලින් ගිය තවත් අයෙකු අරලියගේ පිටට තට්ටුවක් දමා සිනා සී සංජනට කියාගෙන යන්නට විය....
"හරි හරි.... අපි එදාට ඒක එයත් එක්ක බලාගන්නම්....."
සංජන සැහැල්ලුවෙන් හිනාවෙමින් පැවසුවේය..... සෑම විටම ඔහුගේ මුහුනේ ඇදියන ඒ සැහැල්ලු බව හා පිරී ඇති සතුට දකින විට අරලියට තමා ගැනම දුක හිතෙන්නට විය.....
"හරි..... මොකද්ද මම කිය කිය හිටියේ....."
"චුටි බේබි ගැන..."
"අන්න හරි..... ඒ කියන්නේ අපේ බොස් ඉන්න වෙලාවට සීට් එකෙන් හෙල්ලෙන්නවත් එපා..... හැබැයි සර් එන්නේ කලාතුරකින්..... හරි එහෙනම්... අර පේන කෙලවරේ තියන අපායක් වගේ මේසේ තමයි මගේ.... ඕනෙ දෙයක් තියනවා නම් අහගන්න එන්න...."
YOU ARE READING
අරලිය || Non-fic BL
Non-Fictionඅරලිය....... පැහැයෙන් සුදු මලක් වන අතර විටක නිවී පහන් වී ගිය සිල්වත් බවකුත් තවත් විටක කැරකෝපුවක දැනෙන මූසල බවකුත් ගුප්ත අදුරු බවකුත් සිතට එක් අතර ජිවිතයේ කළු හා සුදු පැහැය නියෝජනය කරන මලක් යැයි මා විශ්වාස කරමි.....