අරලිය හා අනුහස් බංගලාව ඉදිරියේ ඇති ගාඩ්න් එකේ තබා ඇති මේසයේ වාඩි වී පොත් පත් අවසන් වරට පරික්ෂා කරන්නට විය....
දින පහක් පුරාවට වැස්සෙන් සීතලෙන් හා මීදුමෙන් ගෙවී ගිය කාලය ඉක්ම ගොස් ඇත.... සැලසුම් කර ගත්ත විදිහට කම්පැනි එකට අයිති බණ්ඩාරවෙල තිබෙන සියළුම කර්මාන්ත ශාලාවල ගිණුම් පරික්ෂා කිරිම් සාර්ථකව නිම කර අනුහස් හා අරලිය අවසන් වාර්තාවද සකස් කර අවසන් කරන්නට විය.....
මුලින් මුලින් ඩෙවොන් ගැන සිතමින් පිස්සු නැටුවද තවත් පිස්සු නැටුවොත් මේ වැඩේ දිගට ඇදි ඇදි ගොස් කොළඹ යන්නට පරක්කු වන බව කී විට අරලිය මහන්සි වී පාන්දර වෙනකම් වැඩ කරන්නට විය..... අනුහස් අරලිය මහන්සි වී වැඩ කරන දෙස බලා සිතුවේ තමන් කලේ හරි දෙයක්ද වැරදි දෙයක්ද කියාය....
අනුහස් අවසාන වාර්තාව දෙවැනි වර පරික්ෂා කර අවසන් වී තමා ඉදිරියේ වාඩිවී ලිපි ගොණුවක් බලමින් සිටින අරලිය දෙස බලන්නට විය..... ඔහුගේ මදක් වැවී ඇති කොන්ඩය හිස පාත් කරගෙන සිටින විට අමුතුම ලස්සනකට පහලට වැටී ඇත..... රෝස පැහැති දෙතොල් තාමත් හරි හැටි ඝණව නොවැඩුන රැවුල.... යමක් කියවන විට පලදින කන්නාඩ් දෙක.... මේ හැම දේයකින්ම අනුහස්ට අරලිය කොයිතම් ලස්සන කොල්ලෙක් ද කියලා සිතුනි..... යමක් අපහැදිලි විට යටි තොල සපාගෙන කල්පනා කරන අයුරු අනුහස් නිහඩව බලාගෙන ඉන්නට විය......
එකවරම අනුහස්ගේ ෆෝන් එකට කොල් එකක් ආ බැවින් අරලිය ගැස්සි ගියේය..... අරලිය හිස ඔසවා බලන විට අනුහස් තමා දෙස බලා ඉන්නා බව දැක්කේය....
"ඔහොම බලාගෙන හිටියටනම් කමක් නෑ..... අයි ලව් යු කියලා නම් කියන්න හදන්න එපා හාද...."
"අනේ පලයන් පිස්සා....."
අනුහස් අරලියට ඇද කරමින් කෝල් එක ආන්සර් කලේය..... සිදුවන කථා බහෙන් ඇමතුමේ අනෙක්පස සිටිනුයේ ලොකු සර් කථා ලබන අරලියට දැනුනි.....
"අනූ... ලොකු සර් නේද...."
"ඔවු බන් ඉක්මනින් එන්නලු..... තාමත් ඩෙවෝන් වැඩට ඇවිත් නැහැල්ලු..... අසනීපයි කියලා කෝල් එකක් දිලා....."
අනුහස් වෙනදා පුරුද්දට මෙන් ඔහේ කියවාගෙන යන්නට විය..... ඒත් සියල්ලම කියා අවසන් වී අරලියගේ මුහුණ බලන විට කරගත්තේ මොඩ වැඩක් කියා සිතුනි.....
YOU ARE READING
අරලිය || Non-fic BL
Non-Fictionඅරලිය....... පැහැයෙන් සුදු මලක් වන අතර විටක නිවී පහන් වී ගිය සිල්වත් බවකුත් තවත් විටක කැරකෝපුවක දැනෙන මූසල බවකුත් ගුප්ත අදුරු බවකුත් සිතට එක් අතර ජිවිතයේ කළු හා සුදු පැහැය නියෝජනය කරන මලක් යැයි මා විශ්වාස කරමි.....