රුවල් ඉරීගිය නෞකාවක් සේ රළ පහරට හසුව ඇදි යන තම ජීවිතය අරමුනකින් තොර වූ ගමණක යෙදි ඇති බවක් අරලියට දැනෙයි....
අරලියගේ මෙතෙක් දවසක් සෙමෙන් සෙමෙන් තැන්පත් කරගන යටපත් කරගන තිබු සිතේ වූ සියලුම හැගීම් බොරදිය කැලබු ලෙසින් ඩොවොන් නිසා අවදි වන්නට පටන් ගෙන තිබුනි.... වායුසමනයේ සීතලෙන් පිරි ගිය කාමරයේ පොරවනය තුලට ගුලිවී සිටි අරලිය ඩෙවෝන්ගේ උණුසුම සොයා ඇදි ගියේ ඔහුට වත් නොදැනිමය.... සිත කොතෙක් පාලනය කරගෙන සිටීමට හැදුවද අරලිය ඒ උණුසුම සොයා ඇදි ගියේ හිතා ගන්නවත් බැරි ලෙසින..... මෙතෙක් දවස් ඩෙවොන් හුරතල් උනා මිසක කිසිවකු හුරතල් කර නොමැති නිසා මේ අලුත් අද්දැකීමට සිත ඇදි යන්නට විය.... කාමරය පුරා දැවටීගත් අදුර තුල අනුහස්ට හොරෙන් අරලියගේ මුහුන පුරා දැවටී ගත් හාදු වැස්ස අරලිය නොසිතු මොහෙතක ඔහුගේ දෙතොල් මත නතරවිය..... කාන්තාරයක ඇවිද දිය පොදක් සෙවූවකු සේ අරලියගේ දෙතොල් රසයෙන් ඩෙවෝන් මත්වී ගොසිනි..... එහෙත් එකවරම අනුහස්ගේ හැඩින් දෙදෙනාම ඈත් විය.....
"ඇත්තටම උඹලට පිස්සුද බන්.... මෙච්චර ඒසී එක වැඩි කරලා තියන්න තරම්.... උබලට සීතල නැද්ද...."
අනුහස් බනිමින්ම ඒසි එක අඩු කලේය.....
පොරවනය තුල ඇති ඩොවොන්ගේ උණුසුම නිසා අරලියට කාමරයේ වූ සිසිලස නොදැනින...... ඒත් මේ අන්සතු උණුසුමකි...... මේ වෙනකන් කාගේවත් දෙයක් හොරකන් කරගෙන නැති නමුත් දැන් නොදැනුවත්වම ඒදේ තමන් අතින් සිදුවෙමින් තිබෙන බවක් අරලියට දැනෙන්නට විය..... අදුර ආශිර්වාදයක් කරගත් අරලිය නැවතත් ඩෙවොන්ට තුරුලු වී ඔහුගේ රෝමයෙන් පිරි ගිය නිරුවත් පපුව මත ඇලිගි තුඩු වලින් රටා අදිමින් කල්පනා කරන්නට විය.....
පාන්දර අනුහස්ගේ ෆෝන් එකට ආ කොල් එකක් නිසා තිදෙනාම අවදි විය...... උදෙන්ම පිටත් වෙන නිසා තිදෙනාම නැගිට ලෑස්ති වී පහලට ආ අතර ඉදිරියෙන් සිටි දෙව්සරගේ මුහුන දකින විටත් අරලියට මහත් පිළීකුලක් දැනින.....
අරලිය නිහඩවම ගොස් බස් එකේ වාඩි විය..... ඩෙවොන් ඔහු සමග කාර් එකේ යාමට කොතෙක් කථා කලත් අරලිය කැමති නොවූයේ අනුහස් සමග නොගොස් කාර් එකකින් ගෙදර ලගින් බැස්සොත් එයත් ප්‍රශ්ණ ගොඩකට මුලක් වන බැවිනි..... අරලිය අනුහස් අසලින් වාඩිවී දෑස් පියාගත්තේය.....
YOU ARE READING
අරලිය || Non-fic BL
Non-Fictionඅරලිය....... පැහැයෙන් සුදු මලක් වන අතර විටක නිවී පහන් වී ගිය සිල්වත් බවකුත් තවත් විටක කැරකෝපුවක දැනෙන මූසල බවකුත් ගුප්ත අදුරු බවකුත් සිතට එක් අතර ජිවිතයේ කළු හා සුදු පැහැය නියෝජනය කරන මලක් යැයි මා විශ්වාස කරමි.....