21 වන අරලිය මල

215 40 12
                                    

බස් රථය පුරා විසිරි ඇති මද අදුර තුලින් දීප්තිමත්ව පෙනෙන දෙව්සරගේ දෑස දකින විට අරලියගේ නිශ්චලව තිබු සිත මදක් චංචල වී ගියේ අතීතයේ සොදුරු මතකයන් සිත පුරා සැරි සරනු දැනීමෙනි....

එකල අරලිය දෙව්සරගේ ඒ සුවදට ඒ පහසට විතරක් නෙවෙයි ඔහුගේ කකුලේ දැවටී එන දූවිලි පොදටත් පුදුමාකාර ලෙස ලෝභකම් කරමින් බොලද ලෙස ආදරය කල අයුරු අරලියගේ මතකයට ආවේය..... අදටත් ඔහු වෙතින් හමා එන සුවදට එදා මෙන්ම තම සිත නතර කරවන බවක් අරලියට දැනුනි.... ඔහුගේ මුහුනට සිය මුහුන තබාගෙන ඔහුගේ සුසුම් වල සුවද කොයි තරම් වෙලා විද ඇතිද කියා අන් අයෙකුට සිතා ගන්නටවත් බැරිය.... තම ආත්මයම ඔහු වෙත පූජා කල ආවේගකාරි නිමේෂයන් වලදි ඒ වේගවත් සුසුම් පහරවල් අරලියගේ මුලු ආත්මයම සොරගෙන ගිය අයුරු මෙතරම් කලක් ගොස් උවද අරලියගේ මතකයෙන් පලා නොගියේය....

"මිස්ට අරලිය.... මිස්ට අනුහස් කතා කරනවා...."

අරලිය ක්ශනිකයෙන් අතීතය තුල පැටලී සිටි මායාවෙන් එලියට ආවේය... මම ආයෙමත් රෑ වැටුන වලේ දවල් වැටෙන්නේ නෑ කියා හිතාගෙන අරලිය බස් එකෙන් බැස අනුහස් වෙත ගියේය..... මේ විනාඩි කිහිපයට ඔහු ඉතා දක්ශ ලෙස අම්මාගේ හා තාත්තාගේ හිත දිනාගෙන ඇති බව පෙනෙයි....

"ආ.... අරලිය ඔන්න මම ඔයාව පරිස්සමෙන් එක්කන් ගිහින් එක්කන් එන්න පොරොන්දු වුනා....."

අරලිය කිසිවක් කියන්නේ නැතිව සිනාසුනේය.....

"පුතා මේ ළමයට වද දෙන්නෙ එහෙම නෑ.... හරිද..... හොදින් වැඩටික කරගෙන පරිස්සමෙන් ඉන්න ඕන.... අනිත් එක ෆෝන් එක ඔෆ් කාරන්නේ එහෙම නෑ හරිද...."

"හරි අම්මා...."

"අපි එහෙනම් ගිහින් එන්නම් අංකල්....."

"ආ හොදයි පුතා..."

අනුහස් අම්මාට හා අප්පච්චිට වදින විට අරලියගේ හදවත මදකට නතර උනි...... ජිවිතේ කවදා හෝ දවසක අම්මාටත් අප්පච්චීටත් තමන්ගේ දෙමව්පියන්ට මෙන් සලකා ආදරය කරන ආදරයක් ලැබෙනවා නම් යැයි ඔහු සිහින දැක්කේය....

අරලිය අනුහස් සමග බස් එක වෙත යන්නට විය....

"මේ මම ඇප වෙලා උඹව ගෙනියන්නේ..... පරිස්සමට ඉන්න ඕන.... හරිද...."

අරලිය || Non-fic BLWhere stories live. Discover now