23 වන අරලිය මල

182 32 12
                                    

හිරුගේ රෂ්මිය මදක් අඩු කරමින් අවුරැල්ල සමගම යන්තමට කුඩු පොද ඉහිරවමින් සිහින් මල් වැස්සක් ඇදහැලෙනු පෙනෙයි.....

බලන බලන අත කොල පැහැයෙන් යුතු පරිසරය සමග සිත බොහෝ සේ ඒ සුන්දරත්වට ඇදි යයි... අරලිය සේවකයෙකු විසින් ගෙනවිත් දෙන ලද තේකද රැගෙන බැල්කනි එකට ගොස් අවට බලන්නට විය.... වැස්සෙන් නොතෙමෙන සේ සකස් කර ඇති බැල්කනිය නිසා අරලියට වැස්සෙන් බාදාවක් නොවීය.... බැල්කනියේ වූ පුටුවක වාඩි වී තේකක් බොමින් අවට පෙනෙන කදු දිහා මොහොතක් බලා ඉදින්නට විය.....

එහෙත් එකවරම අරලියගේ දෑස් ඇදි ගියේ වැස්සද නොතකා තෙමි තෙමී වැඩකරන දෙව්සර වෙතටයි..... දුටු දසුනින් අරලියගේ හිත නතරවී ගියා බදු වේදනාවක් දැනෙන්නට විය...... ජීවිතේ කවදාවත් ඔහු මෙලෙස දෙව්සරව දකින්නට සිතුවේ නැත.....

දෙව්සරගේ මදක් වවා ඇති කොට කොන්ඩය තෙමී ඇති අයුරු දකින විට අරලියට අතීතය මතක් වෙන්නට විය.....

බොහෝ අමාරුවෙන් ගෙදරටත් බොරු කියා තනිවීමට දිනයක් සොයාගෙන දෙදෙනාම සුන්දර ලෙස රැය පහන් කල දිනක පසුදා උදෑසන නාගෙන ආ දෙව්සර කොට කොන්ඩය නෙපිහදා අරලියගේ ඇගට වතුර විසි වන සේ කොන්ඩය ගැසුවේය..... කොච්චර කිව්වත් නවත්තන්නේ නැති නිසා අරලිය පැන ඔහුව බදාගත් පසු අයෙමත් දෙදෙනාගේම හැගීම් අවදි උනේ නැවතත් දෙදෙනාව අඩ හෝරාවකට එකිනෙකාගේ පහසට නතු කිරීමෙනි....

අරලිය දෑසින් වැටෙන කදුළු වලට නිදහසේ ගලාගෙන යන්ට දෙන්නට විය.....

"මේ ජීවිතයේ සතුට වගේම වේදනාවද විදගන්න හැටි කියලා දුන්නේ ඔයයි අයියේ..... කොල්ලෙක්ගේ රතු පාට තොල් පෙති තමන්ගේ කරගන්න කියලා දුන්නේ ඔයයි..... ජීවිතේ විදින වගේම විදවන හැටි කියලා දුන්නේත් ඔයයි.... ඉතින් මේ හැමදේම හීනයක් දැකලා නැගිට්ටා වගේ ඔයාට අමතක වෙලා තිබුනට තාමත් මගේ හීන අතරට ඒ හීන තාමත් පේන්වා අයියේ....."

ඩෙවෝන් අරලිය සිටි තැනට ආවේ හිතාගන්නට බැරි මොහොතකය..... දැස් පිස ගන්නටද වෙලාවක් නැත..... කරන්නට දෙයක් නැති තැන ඩෙවෝන් ඉදිරියේම අරලිය ඇස් පිහදා ගත්තේය....

අරලිය || Non-fic BLWhere stories live. Discover now