35 වන අරලිය මල

219 39 25
                                    

හමන මද සුළගට හසුවූ වැහිපොද ජනේලයේ වීදුරුව මත වැටී පහලට ගලා එන්නට විය......

මෙහොතින් මොහොත අඩු වැඩි වෙමින් වහින වැස්සෙහි අමුතුම චමත්කාරයක් සුන්දරබවක් ඇතැයි අරලියට සිතුනි..... වැහි බරින් පිරීගිය කලු පැහැති වලාවන් අතරින් බැස යන රත්පැහැ හිරු කිරනද වැස්ස සමග ලාවට කදු මුදුන් වලින් දිස් වෙන්නට විය.......

අරලිය ජනේලය අසල ඇති පුටුවක වාඩිවී සෙල්විම් දුන් කෝපි කෝප්පය බොමින් වහින වැස්ස දෙස බලා හිදින්ට විය.....

පරිසරයේ ඇති සුන්දරබවට වඩා තමන්ගේ සිත සුන්දර කෝල හැගුම් වලින් පිරී ගොස් ඇතැයි අරලියට සිතුනි..... එය කොයිතරම් ද කියනවනම් ඔහුටම ඔහුගේ සිතුවිලි පාලන කර ගත නොහැකි ලෙස සිත විසිර ගොස් ඇත..... උදේ ඩෙවොන්ට කැමැත්ත දුන් මොහොතේ සිට මේ වන විට ඔහු විසි තිස් වතාවකට වඩා අරලියට කථා කොට ඇත..... කොච්චර කථා කරත් දෙදෙනාටම කතා කරන්නට බොහෝදේ තිබුනු අතර කොච්චර කථා කලත් එපා වෙන්නැති ගතියක්ද ඇති බවක් අරලියට දැනුනි..... කතා කරන්න කතා කරන්න තව ටිකක් කතා කරන්න තිබුනා නම් කියා දෙදෙනාටම සිතුනි.... වෙනදට පන්සලේ දානේ වෙලාවට මෙන් හරියටම දවල් දොලහ වෙනවිට බඩගිනියි කියා කෑගසන අරලියගේ කුස අද නිදි බොහෙත් දුන්නාක් මෙන් නිහඩ වී ගොස්ය..... බඩගින්නක් අහලකටවත් නොදැනෙන අතර සති දෙක තුනක් නොව මාසයක් වුවද කුසට අහරක් නොගෙන ඉන්නට පුලුවන් ලෙස බඩ පිරි ගොස් ය..... මුලි ගතම කියාගත නොහැකි අමුතු කිතියකින් නොයිවසිල්ලකින් පිරී ගොස් තිබුනි....

දවස පුරාම අරලිය පිස්සකු සේ ෆෝන් එක ඔබමින් සිනා වෙමින් විකාර කල බැවින් අනුහස්ට දවසේ සම්පුර්ණ කයුතු වැඩටික තනිවම කරන්නට සිදුවිය..... අරලිය එක සිහියකින් නැති නිසා ඔහුව විශ්වාස කර වැඩක් පැවරිමට ද නොහැකි නිසා අනුහස්ට සියලුම වැඩ තනිව කරන්නට සිදු විය...... ඒත් ඔහු අරලියට වචනයකින්වත් මුකුත් කිවේ නැත.....

"අරලිය..."

නාගෙන තුවාය ඇදන් එන අනුහස් දෙස අරලිය ගැස්සි ආපසු හැරි බැලුවේය..... දවස පුරා කෙරූ විකාර වැඩ නිසා ඔහුගේ මුහුන බලනන්ට බැරි බවක් අරලියට දැනෙන්නට විය......

අරලිය || Non-fic BLWhere stories live. Discover now