19 වන අරලිය මල

185 36 19
                                    

ආර්යන් තරහෙන් කෑගසුවත් අරලිය සංසුන්ව බලා ඉන්නා ආකරය ගැන ඩෙවෝන්ටද පුදුම සිතිනි....

ආර්යන්ද කාලෙකට පස්සේ දකින මේ ඉවසිලිවන්තයා දෙස බැලීය... සියුම්ව ඔහුගේ තොල් වල ඇදි යන සිනාව තුල

"උඹ නැට්ට උඩ වාඩිවෙලා කෑ ගැව්වට මට මොකෝ...."

කියන්නාක් වැනි හැගීමක් ආර්යන්ට දැනුනේය..... ආර්යන් කෑගසා අවසන් වී මදක් සංසුන් වූ පසු අරලිය කථා කරන්නට විය....

"ඇත්තටම සමාවෙන්න සර් අපහසුතාවයක් වුනානම්..... සර් හිතෙන විදිහේ කිසිම දෙයක් මම අදහස් කලේ නෑ..... ඒත් පේමන්ට් කරන්න පරක්කු උනේ බිල්වලයි වවුචස් වලයි තිබ්බ අපහැදිලි තැන් කිපයක් නිසයි..... පොඩ්ඩක් තරහ ගන්නේ නැතව මේ සර්ගේ කාර් එකට තෙල් ගහපු බිල්එක බලන්න සර්.... මේ බිල් එකේ ගාන ඒ විදිහට තිබුනට බිලේ අනෙක් පැත්තේ වැදිලා තියන ගාන වෙනස්..... පේන විදිහට බිල් එක කැඩුවට පස්සේ ගාන වෙනස් කරලා... ඒත් ඒ වැඩේ කරපු කෙනාට අමතක වුනා බිල් පොත් තියන කොට කාබන් එකෙන් සමහර බිල්වල අනිත් පැත්ත වදිනවා කියලා... අනිත් එක මේ බිල් එක.... මේ බිල් වල සීරියල් නම්බර් එක ලග තියෙන්නේ.... ශෙඩ් එකකින් තෙල් ගහනකොට කොහොමත්ම එහෙම වෙන්න බෑ සර්.... ඒ කියන්නේ මේවා බිල් පොතක් තියාන කඩලා ක්ලේම් එකට දාපු බිල්.... බිල් වල අවුලක් දැනුනු නිසයි ඔක්කොම පේමන්ට් හෝල්ඩ් කලේ සර්......"

අරලිය සැහැල්ලුවෙන් කථා කරන ආකරය දෙස ආර්යන් බලා හිදින්නට විය..... තමා දුර සිට දකින විටත් බියෙන් නැගිටින සේවකයන් අතරේ මොහු එක්තරා අපුර්වතර අයෙක් බව ඔහුටත් දැනින.... ලෝකය පෙරලී ගියත් මුහුද ගොඩගැලුවත් ඔහු සංසුන් බවෙන් පසුවෙයි.... ඒ හඩේ බයක් හෝ තැතිගැන්මක් ඇත්තේම නැතිතරම්..... ඔහුගේ චෝදනා ගැන ආත්ම විශ්වාසයෙන් කතා කරන බවක් ඔහුගේ කටහඩේ තිබුනි..... ඉතාම සැහැල්ලුවෙන් කාරණය ඕනම කෙනෙකුට වැටහෙන විදිහට නිරවුල්ව පැහැදිලි කර දෙන විට ආර්යන්ට තමන් හැසිරිනු ආකරය ගැන ලැජ්ජාවක් දැනින....

"යකෝ.... මුන්ව තියන්න වටින්නේ නෑනේ....."

"හම්බකරන් කන රස්සාවට ද්‍රෝහිකම් කරන එවුන්ට හරියන්නෙ නෑ කවදාවත්..... ඕක තමයි ආර්යන් මම හැමදාම ඔයාට කිව්වේ..... ඔයා හැන්ඩ්ල් කරන හැම කම්පැනි එකම එකවුන්ටි හැම මාසෙම මෙහාට ගෙන්නලා චෙක්කරන්න ඕනේ.... මට බිස්නස් ගැන මහ ලොකු ලොකු පි.එච්.ඩී නෑ..... ඒත් පලපුරද්දයි මිනිස්සු අදුනාගන්න තියන සහජ හැකියාවෙනුයි මම මේ බිස්නස් මේ තත්වයට ගෙනාවෙ..... මොකද අපි පරම්පාරගත පෝසත්තු නෙවෙයි...... අපේ අප්පච්චි කොළඹට ආවේ කොටුවේ මුට්ට කර ගහන්න..... ඒ ජීවිතේ වෙනස් කරගත්තේ ගොඩක් දුක් මහන්සි වෙලා.... අවංකව මමත් පොඩි කලේ ඉස්කෝලේ ඇරිලා ඇවිත් අප්පච්චි පොඩියට පටන් ගත්තු අපේ කඩේ  වැඩකරලා තියනවා.... ඒ වගේ දුක් මහන්සි වෙලයි අපි මේ තත්වය ගොඩනගා ගත්තේ..... අපිට මේවා දවසින් දෙකෙන් ඉබේ පහල උනේ නෑ ආර්යන්.... මම පස්සේ කාලෙක ඉගෙන ගන කැම්පස් ගිහින් එකෙන් ලැබුනු දැනුමත් මේ බිස්නස් මේ තත්වයට ගේන්න උදව්වුනා තමයි.... මම නෑ කියන්නේ නෑ.... ඒත් සරලව කිව්වොත් අපි වෙලෙන්දො විදිහට මිනිස්සුන්ගේ හදවත විනිවිද දකින්න පුලුවන් වෙන්න ඕන පුතා..... එතකොට තමයි දෙයක් විකුනගන්න පුලුවන් වෙන්නේ වගේම ඒ විදිහට බලලා තමයි අපි කෙනෙක්ව අපි ගාව වැඩට ගන්න ඕනෙත්..... එතකොට තමයි බය නැතිව කඩේක උනත් ලාච්චුව ඇරලා දාල යන්න පුලුවන් වෙන්නේ.... ඒ මොනා උනත් බිස්නස් කරද්දි අවංක මනුස්සයා කවුද හොරා කවුද කියලා අදුන ගන්න පුලුවන් වෙන්න ඕන..... හරියට මේ දරුවව ඔය හැමෝම රිජෙක්ට් කරන්න කියද්දි මම මගේ තනි තීරණයට ජොබ් එකට ගත්තා වගේ....."

අරලිය || Non-fic BLМесто, где живут истории. Откройте их для себя