08 වන අරලිය මල

195 41 8
                                    

"අරලිය..... මෙතන මොකද කරන්නේ...."

අරලිය ගැස්සී පිටුපස හැරී බැලුවේ කදුළු පිරි දෑසිනි....

"රොහාන්"

අරලිය තමාටම මුමුනා ගත්තේය...

"මේ මොකෝ බන් මේ......"

රොහාන්ව දකිද්දි අරලියට තවත් ඇඩෙන්නට විය...

"උඹ මොකද බන් මෙතනට වෙලා අඩ අඩා මේ කරන්නේ...."

"නෑ.... බන් මේ..."

"හරි හරි දැන් අඩන්නේ නැතුව යමන්....."

අරලිය ලේන්සුව ගෙන කදුළු පිහිද ගන රොහාන් සමග යන්නට විය.....

"ඇයි බන් උඹ අද මේ පරක්කු වෙලා..."

"මචං අරලිය... මමයි උබෙන් ඕක අහන්න ඕනේ...."

"මට දෙන්න උත්තර නෑ මචං..... "

"උඹට මතකද උබ මට ඔය මගුල ගැන කියපු පලවෙනි දවසේ හරි දෙවැනි දවසේ හරි මම උබට තේරෙන සිංහලෙන් කිව්වා කරන දෙයක් පරිස්සමෙන් කියලා..."

"හරි හරි කිව්වා තමයි..... හරි උඹම මට කියහන් මනුස්සයෙක්ට ලිමිට් එකට ආදරය කරනනේ කොහොමද කියලා.... ඒත් නැත්තන් කියහන් උඹ කියන විදිහට පරිස්සමට ආදරය කරන්නේ කොහොමද කියලා....."

"අනේ මන් දන්නේ නෑ මචං.... කුම්බලා මාළු කෑවනම් දුක විදපන් බළලෝ කිව්වලු.... දැන් උබ විදවනවා..."

"ඇත්තටම මොකෝ බන් උබ පරක්කු උනේ..."

"පරක්කු උනේ.... අද උදෙන්ම මම ගියා මගේ හොර මිනිහව හම්බ වෙන්න...."

"මම නම් ගියේ නිත්‍යානුකූල මිනිහව හම්බ වෙන්න....."

අරලිය හිතට දැනෙන හැම වේදනාවක්ම හිතේ තද කරගෙන බොරුවටත් එක්ක කෑගසමින් හිනාවෙන්නට විය.... රොහාත් මහත් අනුකම්පාවෙන් යුතුව අරලිය දෙස බලාසිටියේය.....

"ඔයිට වඩා හොදයි අරලිය උඹ කෑගහගලා අඩලා ඔය හිත ඇතුලේ හිරකරගෙන ඉන්න වේදනාව පිට කරලා දැම්ම නම්....."

"මොනා කරන්නද සහොදරයා.... සමහරක් වෙලාවට අපිට දුක ඉවර වෙනකම් අඩන්නවත් පින නෑ.... "

"මගුලක් කියනවා......"

"හරි හරි බන් ඇයි අද පරක්කු උනේ...."

අරලිය || Non-fic BLWhere stories live. Discover now