44 වන අරලිය මල

151 25 14
                                    

ජිවිතය ගලාගෙන යන විදිහ ගැන අරලියගේ හිතට කවදාවත් නැති තරම් බයක් දැනෙන්නට විය....

ලොකු කරදරයක් අතලග වගේ කියා ඔහුගේ යටි සිත නිතරම අරලියට ඉගි කරන්නට විය..... ඒත් මේ ගැන ඩෙවොන්ට කිව්වත් ඔහු එය එතරම් ගණන්  ගත්තේ නැත..... ආදරය කරන විට ආදරය කරන අනිත් කෙනාගේ ආරක්ෂාව රැකවරණය ගැන බැලිය යුතුය....

ඒත් කරන්නට දෙයක් නැත..... අරලිය ආදරේ නාමයෙන් මේතාක් කල් දකින ලද හීනය හා යතාර්තය අතර බොහෝ දුරක් ඇත..... ජීවිතේ කෙදිනකවත් කාගෙන්වත් අරලිය බලාපොරොත්තු වූ ආකාරයේ ආදරයක් ඔහුට ලැබී නැත.... තමන් තවත් වතාවක් ජීවිතේ වරද්ද ගත්තාදෝ කියා අරලියට සිතුනි..... දැන් මේ ගැන පසුතැවී පලක් නොමැති නිසා හැමදේම ලැබෙන විදිහට භාරගන්නවා කියා හිත හැල්ලුවෙන් තබාගන්නට අරලිය නිතරම උත්සහ කලේය....

"අරලිය...."

එකවරම කන අසලින් ඇසුනු අනුහස්ගේ හඩින් අරලිය ගැස්සී ගියේය.... සිත බොහෝ දුරක ගොස් තිබුන නිසා කොච්චර වෙලාවක් එසේ හිටියාද කියා අරලිය නොදනී....

"අහ්.... අනූ...."

"ඇත්තටම මල්ලි මොකද්ද උඹට මේ වෙලා තියෙන්නේ...."

"අනේ ඇයි අනූ ඒ පාර මම මොකද්ද කරල තියෙන්නේ....."

අරලිය දෑස් කුඩා කර අහිංසක ලෙස අසන විට අනුහස්ට ලොකු දුකක් දැනුනි.... අරලිය යනු කොච්චර ලස්සන කොල්ලෙක්ද කියා අනුහස්ට සිතුනි.... ඔහු දිහා බලා කිසිවකුටත් අඩුවක් කියන්නට බැරි තරම් ඔහු සුන්දරය....‍ ඒත් ඔහුගේම මෝඩකම් නිසා ජීවිතය හිතා මතාම විනාස කරගන ඇත..... එක් වරක් ජීවිතේ වැරදුනත් ඔහු තවම පාඩමක් ඉගන ගන නොමැත.... නැවතත් එම වලේම වැටීමට යයි.....

"නෑ.... මම අහන්න ආවේ උඹ කවද ඉදලද මුස්ලිම් උනේ කියලා....."

"මොකක්..."

අරලියට අනුහස් අසන විදිහට හිනා යන්නට විය...

"හරි දැන් මට කියන්නකො මම කොන කපාගත්තා කියලා කවුද කිව්වේ....."

"අනේ මේ මගෙන් කුණුහරප අහගන්න එපා බන්..... කොනකපාලු කතාවක් නෙවෙයි මම අහන්නේ උඹ කවදා ඉදන්ද නෝම්බි අල්ලන්න පටන් ගත්තේ  කියලා....."

අරලිය || Non-fic BLWhere stories live. Discover now