17 වන අරලිය මල

198 33 13
                                    

ඒ ඇස් දකින විට අරලියගේ හදවතට දරාගත නොහැකි තරම් වේදනාවක් දැනින....

දෙයියනේ.... ඒ ඇස් දෙක දිහා බලාගෙන ඉන්න තමන් කොයිතරම් නම් පෙරුම් පුරන්න ඇද්ද.... වැඩ ඇරිලා එයා එද්දී ඈතට වෙලා ස්ටේෂන් පාරට හැරෙනකන් කොයිතරම් වේලා මේ ඇස් රිදෙනකම් මහ පාරේ බලාගන ඉන්නට ඇද්ද..... එදා ඔයා මාව ඔයාගේම කරගත්ත දවසේ ඒ ඇස්වල ඇදිලා තිබුනු හැගීම් කොයිතරම්ද කියා අරලියට වචනයෙන් කියන්නට බැරි තරම්ය.... ඒත් ඒ අපේ අහිංසක ආදරේට කාගේදෝ ඇස්වහක් වැදිලා ඔයාගේ හිත වෙනස් වුනත් මම හැම වෙලාවෙම පැතුවේ මගේ සතුට ඔයාට ලැබිලා ඔයාගේ හැම දුකක්ම මට ලැබෙන්න කියලා..... ඒ වගේම ඔයාගේ ඔය ලස්සන ඇස් දිහා බලාන ඉන්න මට පින නැති උනත් ඔයා කොහේ හරි කොහොම කාත් එක්ක හිටියත් සතුටින් ඉන්න ලැබෙන්න කියලා පැතුවේ..... ඒත් අද ඔයා මේ ඉන්න තත්වය..... දැන් මැරුන ආදරයට පණ දෙන්න නොහැකි උනත් කැළළ ඇති තැනින් විඩෙන් විඩේ වේදනාවක් දැනෙයි....

අරලිය හා දෙව්සර එලෙස මුහුනෙන් මුහුන බලාගන කොච්චර වෙලා හිටියද කියා දෙදෙනාටම නොදැනුනි....

"මොකද අරලිය උනේ.... පොඩි එකෙක් වගේ මග් එක බිදගත්තා නේද...."

අනුහස්ගේ හඩින් අරලිය ගැස්සි බැලිය.... සිතේ තියන පීඩනය හා චකිතය මුහුනෙන් පෙනේවිදැයි ඔහුට බය සිතුනි.....

"අනේ සොරි අනු..... මගේ අත බැරි උනා....."

දෙව්සර ගැස්සී බැලුවේ අරලිය අනුහස් හා කථා කල ආකරය දෙසයි....

"අනේ හරිම ස්වීට් වචනයක්.... අත බැරි උනා...."

"හරි හරි... අපි ගොඩේ කියලා කෙලින්ම කිව්වනම් ඉවරයිනේ...."

"අනේ මේ.... මන් ගාව නෑනේ ඔය වගේ කථා..... හරි හරි... දැන් ඉතින් ඉහිරුන කිරට අඩලා වැඩක් නෑ මල්ලි..... දෙව්සර මේ ටික අයින් කරලා මගේ ඇස්සිටන්ට හොද ස්පේෂල් ටී එකක් දාගෙන එන්නකෝ...."

අරලිය අසරණ වී බිම බලාගත්තේය.....

"ඇත්ත අයියේ.... මම ආයේ කවදාවත් ඉහිරිනු කිරට අඩන්නේ නෑ.....අඩලා වැඩකුත් නෑ...... මම ජීවිතේ කියන්නේ මොකක්ද කියලා තේරුම් ගත්තා...."

අරලියට තමන්ටම කියාගත්තේය.....
අරලිය දෑසට යන්තමට එක් රොක් වන කදුළු වලකා ගන්නට උත්සහ කරමින් ආයෙමත් වැඩ කරන්නට පටන් ගත්තේ එම ලිපි ගොනුව තව මොහොතකින් වැඩ අවසන් කර භාරදිමට ඇති වැඩක් බැවිනි..... එත් දෙව්සර තම කකුල් දෙක ලග පාත්වී වීදුරු කෑලි ඇහිදින විට අරලියගේ දෑස් තෙත් වී ගියේය..... ඒ දෙව්සර ගැන දැනුනු වේදනාවටද නැතිනම් තමන් ගැන දැනුනු ආත්මානුකම්පාවටද කියා අරලියට හිතාගන්නට බැරිය.....

අරලිය || Non-fic BLWhere stories live. Discover now