16 වන අරලිය මල

206 35 10
                                    

රොහාන්ව හමුවිමට ගොස් පැමිණ සතියක් ගෙවි ගොස් ඇති නමුත් ඒ සිදවූ සිදුවීම් සියල්ලම දැන් සිදු වූවාක් බදුවිය...

ඒ දවසින් පසු රොහාන්ගේද ලොකු වෙනසක් සිදුවු අතර සෑම දිනකම රාත්‍රි දහයෙන් පසුව ඔහුගේ සියලු දුක්ක දොමනස්සයන් අහගෙන ඉන්නට අරලියට සිදුවිය..... විටක කෙදිරිගාමින් ඔහුව දකින්නට ඕන කියා අඩා වැටෙයි... සමහරක් දින වල රැකියාවේ තිබෙන වෙහෙස කර බව නිසා රෑට කෑම ගෙන ඇදට වැටෙන්නට එන අරලියට රොහාන්ගේ මෙම දුරකතන ඇමතුම් මහත් කරදරයක් වූ නමුත් ඒ සියල්ල මිත්‍රත්වයේ නාමයෙන් ඔහු දාරගත්තේය..... ඒත් එවැනි දින වල ඇදේ හාන්සිවී මුහුන මත ෆොන් එක තබාගෙන නිදන අරලියට දකින එක් සිහිනකින් තවත් සිහිනයකට මාරුවන අවස්ථාවල පමනක් රොහාන්ගේ කටහඩ ඇසෙයි...... එසේ උන විට පසු දින උදෑසනට රොහාන්ගෙන් හොදවැයින් ලුණු ඇබුල් ඇතිව කන් පිරෙන්නට අසන්නටද අරලියට සිදුවේ..... එහෙත් ඒ සියල්ල අරලියට කරදරයක් ලෙස නොදැක්කේය....

දිනෙන් දින ගෙවී ගොස් ඔෆිස් එකේ සමුගන්නා දිනයද උදාවී ඇත....

සැමවිටම ආවරණය කර තිබෙන ජනෙල් තිර විවෘත කර අරලිය තම අසුන ලග වාඩි වී දෑස්මානයට හසුවන වටපිටාව දෙස බලා හිදින්නට විය... මේ පරිසරය දමා යා නොහැකි බවක් අරලියට දැනේ.... ඔෆිස් පැමිණි මේ කෙටි කාලයේදී මේ මගේ මේසය පුටුව කියා මේ දේවල් අරලිය සිතින් තදින් අල්ලාගෙන ඇත.... එහෙත් මේ ජීවිතේ ඇත්තේ යාම් ඒම් පමනි..... කොච්චර පණ දෙන්නට මෙන් දිවෙන් දිවගාගෙන සිටියත් හුස්ම පොද යන විට පිටව යන්නේ කරගත් කුසල් පමණක් නොව අකුසල්ද මිට මොලවාගෙනය.....

අරලිය සුසුම් හෙලමින් තමා විසින් නඩත්තු කල ලිපිගොනු හා පොත් පත්පත් ප්‍රධාන ලිපිකරු වෙත නිවැරදිව භාරදීමට අවශ්‍ය කටයුතු සකස් කලේය..... ලාච්චු අස් කරනවිට ඔහුගේ මේස ලාච්චුවේ ඇති පුද්ගලික ලිපි ලේඛණ අතර දුටු යමක් අරලිය අතට ගෙන බැලිය.... ඒ දෙව්සර කලට පෙර දුන් නිව්යර් කාඩ් එකකි..... එය ලැබුන මොහොතේ තිබු සතුට දැන් හිතේ අහලකවත් නැත..... වෙලාවකට මේ හිත කියන දේ ගැන පුදුම සිතෙයි.... කාලයකදි තදින් ඉල්ලා හඩා වැටෙන දෙය කාලයක දී එපා වී විසිකර දමයි..... සිත සැම විටම වෙනස් වන බැවින් කල යුත්තේ ඒ දුක වේදනාව කාලයත් සමග සිතෙන්ම අයින් වී යන තෙක් දරාගෙන සිටීම පමණි..... අරලිය සුසුමක් හෙලා සකස් කරන ලද ලිපියද රැගෙන ගොස් ප්‍රධාන ලිපි කරුවෙත භාරදි එන විට උදෑසන තේ වෙලා වූ අතර කාර්යාලයේ මිතුරන් විසින් අරලිය වෙනුවෙන් කුඩා තේපැන් සංග්‍රහයක් සූදානම් කර තිබුනි... සැවොම කේක් කවමින් සෙල්ෆි ගසමින් විකාර නටන්නට වූ අතර අරලිය ඒ සෑම මිහිරි මතකයක්ම සිතේ සිරකරගන අලුත් තැනට අලුත් පරිසරයට හුරුවිමට හිත නිදහස් කර ගත්තේය..... දවස අවසානයේ ලැබුන ස්ථාන මාරු ලිපියද සුරතට ගෙන සුපුරුදු ලෙස ගෙදර යන්නට පිටත් විය....

අරලිය || Non-fic BLWhere stories live. Discover now