අරලිය ආර්යන් දුන් වැඩසටහන් විස්තරය කියවා මූලිකව වැඩසටහන මෙහෙය වියයුතු ආකාරය ගැන අවබෝධයක් ලබාගන්නා ලදි...
නිවේදන කටයුතු යනු අරලියට නුහුරු නුපුරුදු දෙයක් නොවන බැවින් එහි විශේෂයෙන් කියා කලයුතු යමක්ද නොවීය.....
අරලිය සාමාන්‍යයෙන් කතාකරනා කථා විලාසය වෙනස් කර වෙනස් හඩකින් නිවේදය කරන අයුරු දෙස ආර්යන් බලා සිටියේ පුදුමයෙන්ය.... ඒ හඩේ අමුතුම සුන්දර බවක් ඇතැයි ඔහුට සිතින.... ඒවගේම අරලියගේ වචන හසුරවන හා නිවේදය කරන ආකාරයේ කිසිදු ආධුනික බවක් නොපෙනෙයි......
"ආ..... දැක්කද ආර්යන් මම කිව්වේ කොල්ලා පොඩි උනාට මාර ටැලන්ටඩ් කියලා...."
"ඇත්තටම හොද වොයිස් එකක්.... මරුවට අනවුන්සින් කරනව නෙහ් අප්පච්චි...."
ලොකු සර් සිනාසෙමින් ආර්යන්ගේ පිටට තට්ටුවක් දමා වේදිකාවට නැග අරලියට සුභ පතා යන්නට විය.....
සියල්ල සිදුවූයේ හිතාගන්නටත් බැරි වේගයෙනි...... ලොකු සර් හා ආර්යන් සර් වැඩසටහන සංවිධානය කර තිබු ආකරය ගැන අරලියට පුදුම සිතින..... එහි පොඩි හෝ පැද පලුද්දක් නොවීය..... සෑමදෙනා හටම බාර දුන් නියමිත වැඩ කොටසක් විය..... එසේම ඒ පැවරූ වැඩ ලොකු සර් හා ආර්යන් සර් මනාව කලමණාකාරණය කර තුබුනේ මෙතෙකැයි කියා අඩුවක් පාඩුවක් පෙන්වීමට නොහැකි වන ලෙසයි....
*********************
වැඩ සටහනේ සියලුම කටයුතු අවසන් කර අමුත්තන් පිටව ගිය පසු ලොකු සර් ගානේ වෙහෙස වී වැඩ කල සියළුදෙනාට එදින හවස රාත්‍රි භොජන සංග්‍රහයක් ලැස්ති කර තිබුනි.....
අරලියද අනුහස් සමග එයට සහභාගි වූ අතර ඔවුන් දෙදෙනාම මත් පැන් පාවිච්චි නොකරන නිසා බීම පමනක් බොමින් කැරකි කැරකි සිටියෝය.....
"ආ මේ දෙන්නා මොකද මේ මුල්ලකට වෙලා කරන්නේ...."
ලොකු සර් අරලිය හා දෙව්සර දැක ඇසීය...
"නෑ සර් මේකයි...... මම ඩ්‍රින්ස් ගන්නේ නෑ.... ඉතින් අරලිය එක්ක එයාගේ තනියට මෙතෙන්නට වෙලා හිටියා....."
"අනේ.... අමතක වුනානේ අපේ ඔෆිස් එකේ පොඩි කොලු පැටියෙන් ඉන්නවා කියලා...... අනේ සොරි දරුවෝ....."
YOU ARE READING
අරලිය || Non-fic BL
Non-Fictionඅරලිය....... පැහැයෙන් සුදු මලක් වන අතර විටක නිවී පහන් වී ගිය සිල්වත් බවකුත් තවත් විටක කැරකෝපුවක දැනෙන මූසල බවකුත් ගුප්ත අදුරු බවකුත් සිතට එක් අතර ජිවිතයේ කළු හා සුදු පැහැය නියෝජනය කරන මලක් යැයි මා විශ්වාස කරමි.....