41 වන අරලිය මල

153 27 13
                                    

ගතට දැනෙන වෙහෙසර කර බව දරාගත නොහැකි බවක් අරලියට දැනුනි.....

ඒත් ඩෙවෝන්ට නැවතත් එකතු වෙන්න ඕන කල නිසා අරලිය ඔහුට ඉඩ දුන්නේය.....

ඇද අසල සයිලන්ට් කර තබා ඇති ෆෝන් එකේ අනුහස්ගේ මිස් කොල් හතර පහ සටහන් වන විටත් අරලිය එය නොදැක්කා සේ සිටියේ ඇමතුමට සම්බන්ධ වී අනුහස් අසනා ප්‍රශ්න වලට ඔහුට දෙන්න උත්තර නැති නිසාය.....

කිහිප කායිකව වරක් එකතුවී අකමැත්තෙන් උවත් ඔහුව දමා යන්නට අරලිය සිතුවේ බැංකු වහන්නට පෙර චෙක් පත බැංකු ගත කලයුතු බැවිනි..... අරලිය ඩෙවෝන්ට ඇදුමක් දාගන ඔහුත් සමග ඇනෙක්ස් එකේ සිට පාර ලගට එන්න කියා කිව්වත් ඩෙවොන් මහන්සි බව පවසා ඇදේ ඇලවී සිටියේය...

කොච්චර කතා කලත් ඔහු එන්නට අකමැති වූ බැවින් අරලිය හිත හදාගෙන තනිවම පාරට ආවේය... කලෙකින් එක් වූ බැවින්දෝ අරලිය ඇවිදින විට සියුම් වේදනාවක්ද දැනෙන්නට විය......

දැන් ඉතින් වෙන්න ඕන සියල්ල සිදුවී හමාරය..... මුලින්ම ආරක්ෂිතව එක් උනත් පසුව ඩෙවෝන් එයට කැමති නොවු බැවින් ඔහුගේ කැමැත්තට අරලියට ඉඩ දෙන්නට සිදු විය..... දැන් සියල්ලම සිදු වී අවසන් බැවින් ඔහුගේ රෝගය තමන්ට වැලදෙනවා නම් දැන් වැලදි ඇතැයි අරලියට සිතුනි..... ඒත් අරලියට ඒ ගැන දුකක්වත් පසු තැවීමක්වත් සිතේ කොනකවත් නොවීය..... අරලිය අමාරුවෙන් පයින් ඇවිත් ත්‍රීවීල් එකට අත දැමීය......

"අනු මෙන්න චෙක් පොත....."

අනුහස් අරලියගේ මුහුනවත් නොබලා චෙක් පොත අරගෙන ඔහුගේ අසුන වෙත ගියේය..... අරලියගේ හිතට දැඩි නොසන්සුනකමක් දැනෙන්නට විය..... අනුහස්ගේ මේ නිහඩ බව තව දුරටත් අරලියට දරාගන්නට බැරි විය... සවස තේ වෙලාවෙදි කාර්යාලයේ වැඩි දෙනෙක් නොවූ බැවින් අරලිය අනුහස් වෙත ගියේය.....

"අනූ...."

අනුහස් පරිගණක තිරය මත බලාගෙන සිටියා මිස කථා කලේ නැත.....

"අනූ.... මගෙත් ඉවසීමේ සිමාවක් තියනවා...... තරහක් තියනව නම් මට බැනපන්.... ඒත් මදිනම් ගහපන්.... ඒත් බන් උඹ මෙහෙම කථා නොකර ඉන්න එපා....."

අරලිය || Non-fic BLWhere stories live. Discover now