02

1.1K 99 23
                                    

University යන්න ලෑස්ති වෙන ගමන් ජුන්ග්කුක් හිතුවේ එයාට මේ දීපු පරිප්පුවට ජිමිනාට දෙන පනිශ්මන්ට් එක මොකක්ද කියලා..

ඔයාලා දන්නවද මේ පලවෙනි පාර නෙවෙයි.. 😒

ඇත්තම කියනවනම් මේ දෙන්නා හොදම යාලුවෝ උනාට ජිමින්ට වඩා ජේකේ ටිකක් පොඩියි..ටිකයි කියන්නේ ඉතින් ඔයාලා දන්නවනේ ඒක අවුරුදු 2ක් වගේ පොඩි මෙව්වා එකක්..

ඒත් ජිමිනා පොඩ්ඩක් කොට උන නිසා ( චුට්ටක් මේ චුට්ටම චුට්ටක්😌) ජේකේ හැමවේලේම shorty කියලා එයාට විහිලු කරන එකට එයා ටිකක් තරහින් ඉදියේ..ඒ මදිවට මේ ජේ කේ කොල්ලා ලගින් යනගමන් ශෝටිට ටොකු අනින්නත් අමතක කරේ නෑ..

මේසේරම එකතු කරන් ඉන්න ජිමින් හැමදාම වගේ මොනවම හරි කරලා එයාගේ හිතේ තිබ්බා පොඩි තරහ නැති කර ගන්නවා..

ගිය සතියේ එයා ජේකේ ගේ බෑග් එකට කුරුමිනියෙක් දාලා තිබුනා එදා ලෙක්චර් එක අහන් ඉන්න උනේ එයාට හෝල් එකේ දොරගාව හිටගෙන..

ඔන්න ඔය වගේ ලොකුම ලොකු බැදීමක් තමා එයාලා දෙන්න අතරේ තිබ්බේ හිතාගන්න ඇහැකිනේ😹

එයා යුනි එකට යන අතරමගදි දැක්කේ අලුතින් දාපු කොෆි ශොප් එකක්..පුදුමේ කියන්නේ එතන යුනි එකේ සේරම කෙල්ලෝ ටික වට වෙලා හිටපු එක..ජේකේත් එතනට ගියේ වෙලා තියෙන්නේ මොකක්ද බලන්න.

හම්මෝ😻

(ජෝන් බබා කට වහගත්තොත් හොදයි නේද)

එයා වශී වෙලා වගේ බලන් ඉන්නේ කොෆි ශොප් එකේ වැඩ කරන පිරිමි ලමයා දිහා..

ඕනෑම කෙනෙක් දෙවරක් හැරිලා බලන්න තරම් ලස්සනක් එයාට තිබුනා කියුවනම් මා නිවැරදි..
කලුපැහැ ඇස්
ඝන ඇහිබැම
දිගු ඇගිලි
අකීකරු කෙස්
රෝසපැහැති දෙතොල්
ඔහුගේ කඩවසම් බව තවතවත් ඔපමට්ටම් කලා..
කලු පැහැ කලිසමකින් සහ සුදු පැහැ අත්දිග කමීසයේ අත්දෙක නවා තිබීමෙන් ඔහුගේ රුව තවත් හැඩ වී ඇති සැටියි.

ජේකේ තවමත් පුදුමවී බලා සිටින්නේ ඔහු දකින මේ සුරකුමරුන් කවුරුන්ද කියායි..
අවට සිටි ගැහැනු ලමුන් සියලු දෙනා කැකෝ ගසමින් ඔහු දෙස බලා සිටියේ ඔහුන්ටද මෙ සුර ලොවින් බැස ආව තරුණයා අමුත්තෙකු බව පසක් කරමින්..
තවත් මොහොතක් ඇසිපියවත් නොසොල්වා බලා සිටි ජේකේ හෙවත් ජුන්ග්කුක් නැවත යුනිවර්සිටිඑකට යෑමට තම පාද එසවූවා..නමුත් ඔහුගේ සිත තාමත් කෝපි කොල්ලා අසලයි.

Its hurt❔💮 Taekook🐯🐰✔☑️ CompletedWhere stories live. Discover now