17

373 57 19
                                    

.
.
.
.
.
.
.
.
.

අද ඇඟට මාර පිට් එකක් නේද බන් තින්නේ..
නම්ජුන් කියුවේ එක තැන උඩ පනින ගමන්..

ජන්කුක්ගෙ වන්ඩ් ඇන්ඩ් ඔන්ලි ක්‍රස් එක සෙට් කරගන්න ජිමින් එක්ක එකතු වෙලා ගහන මෝඩ ප්ලෑන් පහලොස්වෙනි පාරටත් හරි යන්නෑ හරි යන්නෑ කියලා කියපු නිසා නම්ජුන්ටයි හෝබිටයි යොන්ගිටයි උනේ ජින් හරක් වගයක් ගේ වනසලා කියලා බනින ඒවා අහන් කිචන් එකට වෙලා ඉන්න..

අන්තිමට එතනිනුත් එළියට බහින්න උනේ හෝබී දාපු ඩාන්ස් පාරකට රෑ කාලා ඉතුරු කරපු කැම දාලා තිබ්බ භාජනේ හෝදපු රෙදි ගොඩකට වැටුනටත් පස්සේ..

උදේම excercise කරාම මාර පිට් එකක්නේ බන් තීන්නේ.. හැමදාම කරන්න ඕන
යොන්ගියා කියුවේ අත් දෙකෙන් කකුලේ මාපටඇඟිලි අල්ලන්න පාත් වෙවී..

මොන උදයක් ද යකෝ දැන් එකොලහ මාරත් පහු වෙලා.. තව ටිකකින් දවල්..නෙතකින් උබලා..
එකතැන දුව දුව බෙල්ල කරකවන ගමන් හෝබි කියුවා..

යොන්ගියට ඉතින් මොන වෙලාව උනාම මොකෝ..හුම්..කෝමත් නිදාගන්න එකනේ..

බලන්නකෝ හෝබියා මේ සේරම මැලවිලා ගිහින් නේ.
නම්ජුන් පෙන්නුවේ ජින් හරි ආදරෙන් හදන රෝස පැල ටික.. අද උදේ ඉදන් බැනුම් අහන නිසා කොල්ලන්ට ආවා හොද අදහසක්..
දුවලා ගිහින් වතුර බටේ අරන් ආපු හෝබියි ජූනියි පටන් ගත්තේ එයාලගේ ආදරණීය ලොක්කයියගේ පැලවලට වතුර දාන්න.. ලගම තිබුන කනුවට හේත්තු ව දාපු යොන්ගියා ජින්ගේ පැල තියෙන තැන් වතුර අඩුවෙන් වැටිලා තරහ උනු පැල එහෙම  ඒ දෙන්නට පෙන්නුවා..
වෙන කවුද ඉතින් ඕවගේ උදව්වක් කරන්නේ...

ඒ එක්කම ජූන් දැක්කේ අනේ වතුර බිංදුවක්වත් වැස්සකටවත් වැටෙන්නෑ වගේ එයා දිහා බලාගෙන ඉන්න













එහා වත්තේ.. අඹ ගහ..!!












දුක වැඩි කමට දෙපාරක් හිතන්නැතුවම හිතගොඩක් උනු වෙන නම්ජූන් ඇල්ලුවා වතුර බටේ තාප්පෙන් එහා පැත්තෙට..

ආයිශ් disgusting shit!!!!

මොන පොල් බූරුවද යකෝ ඒ??!!!!!

දෙයියනේ අඹගහ එහෙම කෑගහනකොට නම්ජූන් බලාගෙන ඉදියේ මේ උනු විපර්‍යාසේ දිහා..












'අඹ ගසක් කථා කරයි'
ජුනී අතීතෙට ඇඳිලා ගියේ එයා ශිශ්‍යත්වෙට ලියපු රචනාව මතක් වෙලා..
එයා ආසම මතෘකාව මේක වෙනකොට පේපරේට ඇවිත් තිබුනේ පාසලේ විදුහල්පති තුමා ගැන ලියන්න.. කෝමත්  පිනා එක්ක ඒ කාලේ ඉදන්ම ඇරියස් උන නම්ජුන් දෙපාරක් හිතන්නැතුවම ලියුවේ අඹ ගසක් කථා කරොත් කියන දේවල්..

ඉතින් ඒ රචනාවේ මුලින්ම තිබුන වාක්‍යම අද අඹ ගහත් කියද්දී ජුනී ඉදියේ හිත යටින් උඩ පැන පැන.. 

ආයිශ් disgusting shit!!!!

එයා ලියපු පලවෙනි වාක්‍ය ඔයලා බලනවා ඇති මෙච්චර කල් ගිහිල්ලත් මෙච්චර හොදට මතක තිබුනේ කෝමද කියලා..

එදා ඒ ලියපු රචනාව ජුනිගේ ටීචර් විතරක් නෙවෙයි අංශභාර ටීච පිනා අම්මා තාත්තා එහා ගෙදර ඇන්ටි පවා කියෙව්වා.. ඒක ඒ තරම් ජනප්‍රිය රචනා වස්තුවක් උනා..

නම්ජුනා!!!!!!!!!!!

හෝබි බෙරිහන් දීගෙනම පැන්නේ නම්ජුන්ව ආරක්ශා කරන්න උනත් දිගම දිග වතුර බටේ කකුලේ පැටලුනු හෝබි ජූනිත් එක්කම බිම පත බෑවුනේ  ලොක්කයියා අද උදේ යොන්ගියට කියලා ගෙන්න ගනිපු බල්ගේරියන් කපුරු පැලේ උඩට..

එපාහ්හ්හ්හ්හ්හ්හ්හ්!!
යොන්ගියා කනුවෙන් එහාට වෙලා එක අතක් ඉස්සරහට දිග් කරගෙන පස්ස පස්සටදාගෙන කොන්ද දෙකට නවාගෙන කෑගැහුවේ දවල්ටයි රෑටයි දෙකටම කන්න කඩයක් මතක් කර කර..

වැටුන පාරට සිහිය ආපු ජූනීයි හෝබියි උඩින් ආපු වතුර පාරකට නෑවීගෙන ගියා..
දෙන්නම එකපාර නැගිටලා හෝබි වතුර බටේ අතට ගන්නකොට යොන්ගියා දුවල ගිහින් ගෙනාවේ ලොක්කයියගේ බාල්දිය..

කෑගහන සද්දේ බලන්න එලියට ආපු ජිමිනුත් ආයේ ඒ පිම්මටම ඇතුලට දිව්වා...

.
.
.
.
.
.
.
.
.
දෙයියනේ ඒ මොකක්ද උනේ?

රැඳී සිටින්න යුගයේ ආදරණීයම වනකතාව❤👍

මට ඔබලාව දැක්කම පුදුම ශක්තියක් දැනෙන්නේ..

කමෙන්ට්ස් ගොඩක් ඕන යාලුවනේ...

නැත්නම්.මන් කියන්නෑ මොකක්ද උනේ කියලා.

වගකීමෙන් කියන්නේ කියන්නෙම නෑ👍😪

Its hurt❔💮 Taekook🐯🐰✔☑️ CompletedWhere stories live. Discover now