27

305 64 18
                                    

ඕයි ජැකී මේ අර නම්ජුන් තමයි!!
ටේ ලගම ඉදපු ජැකියට ඇගිල්ලෙන් ඇන්නා..

ඒකනේ බන්  එහෙනම් මූ තාම කැම්පස් වෙන්නැති..
ජැකියා හොඳට වටපිට බලලා කියුවේ කාටහරි ඇහේවි කියලා..

අඩෝ ඌ ඩිග්‍රි කීයක් කරනවද බන්.. මාර පිස්සෙක්නෙ..
ලීසත් හිමින් සැරේ කියුවා.. මේ හතරම තකට තක.. නම්ජුන්ගේ Iq  එක ලගින්වත් තියන්න බෑ.. ඒ උනාට කයිය..!!

යකෝ...ඕකගේ අලි ඔලුවනේ ඉස්සර මතක නැද්ද..
ටේ ආයේ කියුවේ සතර කම්මන්ත්‍රනේ වගේ.. ලීසත් මේකට සෙට් වෙලා කියවද්දී බෝගමී නම් පැත්තකට වෙලා ගේම් එකක් ගහනවා..

මොනවා උනත් ඌ හොඳ එකානේ.. යකෝ ඉස්සර පේපර් සේරම උගෙන් බලන්නේ ලියුවේ..
ආයේ ටේ කියුවේ මොනවා උනත් කලගුන අමතක කරන්න හොඳ නැති නිසා..ඉස්සර ඉදන් ජැකියා පොඩ්ඩක් ඇරියස් නම්ජුන් එක්ක..නැතුව වෙන කිසිම ප්‍රශ්නයක් නෑ.. ඔක්කොටම මොනවා නැතත් අලි ඔලුව තියෙනවනේ..

මේ අතරේ ජින් දුව දුව කෑම ලෑස්ති කලේ හෝබි එක්ක..

අර සොසේජස් ටික දාපන්..
ජින් තව මීල්ස් ටිකක් ගන්න ගමන් කෑගැහුවා.. මරු එක්කෙනා උදව්වට ආවේ හැබැයි.

කොහෙටද දාන්නේ..??
වටපිට බැලුවත් දාන්න භාජනේකුත් පෙනුනේ නැති නිසා හෝබියා ඇහුවේ මනුස්සකමට..

දාපන් මගේ ඔලුවට!!!
වෙනදා තරම් සද්දෙන් නැතුව ජින් කෑගැහුවේ අර ආපු සැට් එකට ඇහේවි කියලා.. ඒ එක්කම දුවගෙන ඇවිල්ලා කිචන් එකේ ජනේලෙන් ඇතුළට පැන්නේ යොන්ගියා..

ජුකී ආන්ටි තව පහක් එක්කන් එන්නම් කියුවා..
යොම්ගියා හති දදා කියද්දී ජින් කෑම බෙදනවා.. මුන් ලව් කරන්න හියුන්ලා කටු කන්න.!

හරි හරි එහෙනම් උබත් ඉස්සරහට පලයන් අරුන් තනියමනේ..
හෝබියා යොන්ගියට කියුවේ කෑම ඔක්කොම රෙඩි කරලා..මේ දෙන්න හරි මැනර්ස් දන්නවනෙ..

එතකොටම නම්ජූන් එක්ක පඩිපෙල දිගේ බැහැගෙන ආවේ සුරදූතයෙක්.. තනි කලු ටයිට් ට්‍රවුසර් එකට වයලට් කලර්  ශර්ට් එකක් ඇදගෙන ටේ හිටපු පැත්තවත් නොබලා කුකී ගැම්මෙන් ඇවිත් හිටගත්තේ යොන්ගියා ගාවින්..

වාව්!!

බෝගමී මෙලෝ සිහියක් නැතුව ගේම්.එක ගහද්දී අනිත් තුන් දෙනානම් හිටියෙ කටවල් ඇරගෙන..

උබ කියුවේ බනියෙක් කියලනේ ටේටේ..
ලීසා හිමීට ටේගේ අත මිරිකන ගමන් කියුවේ කුකීගෙන් ඇස් ගන්නැතුවම..

ඇයි ඒ වගේ නැද්ද..?
ටේ ලීසගේ දිහා ඇස් කොනෙන් බලන ගමන් ඇහුවේ දත් ටික තද කරගෙන නම්ජුනුයි කුකියයි දිහා බලාගෙන හිනාවෙන ගමන්.. ඒත් හිනාවනම් අඩු උන්නෑ..

උබ බොටම්.. මන් බෙට් එකක් දානවා!
ලීසා ආයේ රහසින් කියද්දී ටේට නම් ඒකට හොටුත් පැන්නා.. මේකි කියුවේ පොඩි එකා ටොප් කියලා නෙවෙයිද..

පිස්සුද ගෑනියේ!!
කුකියා ටේව ගනන් ගන්නැතුව ජැකියට විතරක් කට කොනෙන් හිනාපාරක් දාලා ගස්සගෙන ගියේ නම්ජුනුයි යොන්ගියවයි එතන දාලා.. හොද වෙලාවට මේ කියන ඒවා කුකීට ඇහෙන්නෑ.. ටේ කුකී ගියත් එක්කම ලීසට එරෙව්වා.. එයානේ ටොප්..පුහ්..!

ඇස් ඇරලා බලපන් මෝඩයෝ ඩැඩී ටයිප් එ බනීයා!!
ලීසා ආයේ කියද්දී ඊලග මේන් කැරැක්ටර් එක පහලට ආවා.. ජිමින්.. කුකියා ඔරවන් ආවත් මුකුත් නොදන්න ජිමිනා නම් දත් සැට් එකම දාලා හිනා වෙවී ඇවිත් හතර දෙනාටම අතට අත දීලා පාටි එකට ආපු එකට තෑම්ස් කරා..

එදා බලු සැම්පු එකෙන් ගැහුවේ මූ නේද..?
ජැකියා වැලමිටෙන් ඇන්නේ ටේට! ඒකත් ජිමිනව පෙන්නන ගමන්..
ජිමිනා දමාගෙන හිනා වෙවී ලීසා එක්ක කයියට වැටුනේ ලීසටත් ඉන්නේ කොහේද කියලා අමතක වෙලා ජිමින් එක්ක කියවද්දී..
.
.
.
.
.
.
.
.
.
.

අරූ මොකෝ ඔරවන්නේ?

රැඳී සිටින්න යුගයේ ආදරණීයම වනකතාව❤👍

කැත උනානේ හලො..
කැත වෙනො නම් මන් මේක ලියන එක නතර කරනවා.. කමෙන්ට් එකක් දාගෙන යන්න..😑

Its hurt❔💮 Taekook🐯🐰✔☑️ CompletedWhere stories live. Discover now