09

388 60 10
                                    


තව කෙනෙක් ඉර පායන දිහා බලාගෙන හිටියේ වශී වෙලා නෙවෙයි එපා වෙලා..
.
.
.
.
.
.
.
.

කිම් ටේහියොන්ග්

එයාට දැන් දවස්ගානක ඉදලා හොද නින්දක් ලබන්න බැරි උනා.. ඒකට හේතුව උනේ එයාගේ අසල්වැසියෝ...

ටේ කියන්නේ ගොඩක් කොළපාට පරිසරයකට නැත්නම් නිස්කලංක පරිසරයකට ගොඩක් ආදරය කරන කෙනෙක් වගේම ගොඩක්ම සරලව නිදහසේ ඉන්න කැමති කෙනෙක්.. ඉතින් එයා එයාගෙ  ශොප් එකට ටිකක් ලගින් තියෙන මේ ගම්බද පරිසරයේම ජීවත් වෙන්න හිතුවා...

වැඩිය මිනිස්සු නැති ජනාකීර්ණ නොවූ සරල ගම්මායේම  කුඩා නිවසක් මිලදී ගත්තේ ඒ සරල කම නිසාමයි..

ඔහු එහි පදිංචි වී මාස ගානක යනතුරුම නිස්කලංක ව තම වැඩකටයුතු කරන් ගියත් ළගදි ඉදන් මේ හැමදේම කනපිට ගැහුනේ එයාගේ නිස්කලංක ජීවිතේ උඩුයටිකුරු කරමින්..

දවසෙම කම්පැනි එකේ වැඩ කරලා මහන්සි වෙලා රෑ දහයට විතර එන ටේ තමන්ගේ රෑ කෑම අරගෙන නිදාගන්න යන්නේ රෑ දොලහට විතර...

ඉතින් මේ දවස් ටිකේම එයාට නින්ද යාගෙන එනකොටම එයා ට ඇහැරුනා🙂

Tae pov

හම්මෝ පට්ට මහන්සී...
අද දවසෙම අර මඟුලක් කරානේ ඉතින්

මන් යොන්ටෑන්වත් එයාගේ චූටි බෙඩ් එකෙන් තියලා ඇදට වැටුනා... හම්මේ දැනෙන සනීපේ....like  heaven...

මන් ස්ලීපින් මියුසික් එකකුත් ෆෝන් එක්න් දාලා ඇස් පියා ගත්තා...

ඩං ඩං ඩුම් ....

ඩුම් ඩුම් ඩුම්..

ස්ලාං...

මොන හු@&#
ටේ උඩගිහින් බිම වැටුනේ කන ලගින් ඇහුනු මහා සද්දෙට..

කවුද යකෝ මහ රෑ තොවිල් නටන්නේ..

පිජාමා එක පිටින්ම කොල්ලා දිව්වා එළියට මේ සද්දෙ ගැන හොයන්න..

පිජාමා එක පිටින්ම කොල්ලා දිව්වා එළියට මේ සද්දෙ ගැන හොයන්න

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.







රැදී සිටින්න මිතුරනී😌

Its hurt❔💮 Taekook🐯🐰✔☑️ CompletedOpowieści tętniące życiem. Odkryj je teraz