25

334 72 18
                                    

.
.
.
.
.
හරියටම හවස හත වෙද්දි.. සම්පූර්ණ බලය අතට අරගත්තේ වෙන කවුරුවත් නෙවෙයි බෝගමීගේ කෙල්ල.. ලීසා!!

ටේ කලුත් එක්ක අලු පාට මික්ස් උනු ශර්ට් එකට තද කලු ට්‍රවුසර් එකක් ඇදලා කොන්ඩේ ස්ට්‍රෙයිට් කරලා හිටියා..

ජැකියා පොලිස් ලුක් එක.එන විදියට තද නිල් පාට ශර්ට් එකට සුදු පාට ඩෙනිමක් ඇන්දා..

බෝගමී එයාගේ සුරංගනාවිගේ ආසම කිට් එක උනු ඩාක් බ්‍රවුන් ශර්ට් එකයි ක්‍රීම් පාට ට්‍රවුසර් එක දාගනිද්දී ලීසා හිටියේ තද කලු ඕෆ් ශෝල්ඩර් ටිකක් කොට ගවුමක් ඇදලා කොන්ඩේ උඩට කරලා බැදලා..

වාව්!! හරියට මෙයාලා ෆැශන් ශො එහෙකට යන්න වගේ..

හරි දැන් මතකනේ මන් කියපුවා..

ලීසා පුටු සැටියේ වාඩි වෙලා ඉන්න මේ තුන් දෙනාගේ ඉස්සරහින් යනගමන් කියුවේ ටිකක් ඔරවගෙන..

ඔව් ඔව් යමන් උන් දැන් කෑම අස් කරනවත් ඇති
ජැකියා හිටියේ හොඳටම බඩගිනි වෙලා.. යාලුවා නිසානේ මේ සේරම.. ලීසගේ දේශනේ ඉවර වෙන පාටකුත් නෑ.

කිසි කෙනෙක් ඒ ළමයින්ට පාට් දාන්නෑ..

අනිත් එක... වැදගත් විදියට කාපල්ලා...සාගින්නෙන් පෙලන ඔටුවෝ වගේ නැතුව!!

ලීසා ඒකනම් කියුවේ වාඩි වෙලා එයා ගේ දිහා බය වෙලා වගේ බලාගෙන ඉන්නේ කොල්ලෝ තුන් දෙනාගේ මූනු වලට එබෙන ගමන්.. එයා තරම් හොඳට මුන් තුන් දෙනාගේ ඔම්මලාවත් දන්නැතුව ඇති.. බෝගමී නම් දැන් ටිකක් හැදිලා කියන්න පුලුවන්... ඒත් කොහේද ජැකියලා තාම හිටපු තැනමයි..

හතර දෙනාම දකුනු කකුල පෙරට තියලා ලීසගේ පස්සෙන් පේලියට එළියට ආවා.. මහ දුරක් නෑනේ අල්ලපු ගෙදරනේ! හොඳ වෙලාවට හවස ජැකියාට පාරෙදි නම්ජුන් මීට් වෙලා පාටියට එනවා කියලා කලින් එයාලව දැනුවත් කරේ.. ටේ කෝල් කරන්නම් කියුවට මෙලෝ සිහියක් තිබුන්නෑනේ ඕවා කියන්න..

ගෙදර ළගටම ඇවිල්ලා ටේ ටිකක් බෝගමීගේ කන ළගට කිට්ටු උනා..

මොකෝ උබ ළගට එන්නෙ😒

ටික ටික ළං වෙන්නේ හොඳකට නෙවෙයි කියලා දන්න නිසාම බෝගමී ඇහුවා..

Its hurt❔💮 Taekook🐯🐰✔☑️ CompletedWhere stories live. Discover now