♡01♡

874 70 10
                                    

මම මේකේ චරිත වලට මේ emoji use කරනවා..

Kim Taehyung - 🐻
Kim Hani - 🌸
Park Jimin - 🐥
Mr.Kim dojun - 🦊
Mrs.Kim Nuri - 🕊️
Hani's Doctor -👨‍⚕️

අනික් චරිත වල emoji ඉස්සරහට දාන්නම්.
_______________________________________________________

තද නින්දක හිටපු ටේහියුන් හට තමාගේ කම්මුල් වල දැවටෙන සිනිදු දෙයක් නිසා අවදි වන්නට සිදු විය. එම සිනිදු දෙය පිළිබඳව ඔහු හොදින්ම දන්නා බැවින් ඔහු කිසිවක් නොකර තවමත් නිදාගනිමින් සිටින බව හැග වූයේය. ටික වේලාවකින් එය තමාගේ කමිසය තුලට යන බවක් ඔහුට දැනුනේය. එවිටද ඔහු නොසෙල්වී සිදුවන දෙය ගැන බලමින් සිටියේය..

එවිට තේහියුන් හට තමාගේ එක් තන පිඩුවක් උරන බවක් දැනුනේය . ඔහු එවිට ඇස් ඇර තමාගේ කමිසය උඩින් උස්සා බැලූවිට ඔහුට දැක ගැනීමට හැකි වූයේ දිනපතා උදෑසන දැක ගැනීමට හැකි වන දෙයකී. ඒ තමාගේ එකම වටිනා වස්තුව වූ පුංචි eun බබා මවු කිරි සොයනා අයුරුය.. නමුත් ඔහු පිරිමියෙකී ඔහු කෙසේනම් තමාගේ eunගේ ආසාව ඉශ්ට කරන්නද.. එවිට ඔහුට නොදැනිම ඔහුගේ දෑස් වලින් කදුලු කඩා වැටුනේය. තමාගෙන් ඉටුවිය යුතු සියලු යුතුකම් ඉටුකරන පියෙකු වුවත් ඔහුට තමාගේ පුතුට අහිමිව ඇති මවු සෙනහස ලබා දීමට නොහැකි විය.

ටේහියුන් හට ඔහුගේ පළමු ආදරය වු ඔහුගේ ආදර්ණීය බිරිඳ hana සිහි විය.. ඇය සිටියානම් තම පුතුට මෙසේ සිදු නොවනු ඇත..

1 year ago...

(මෙතන ඉදන් කියනනේ ටේහියුන්ගේ බිරිඳට උන දේ ගැන.)

2020.06.01
2.41 a.m

🌸"ටේ.. ටේ...හියු.. න්.. හබී..මට ආමාරුයි..
හබී.. නැගිටින්න.. ටේ.. "

හනීගේ වේදනාත්මක කටහඬට විඩාබර නින්දක සිටිය ටේහියුන් ගැස්සී ඇහැරුනේය.. තමාගේ බිරිඳගේ වේදනාව දැක ඔහුට කුමක් කරන්නදැයි එකවරම සිතාගත නොහැකි විය.. මාස 8ක් වයසැති දරුගැබක් දරා සිටින හනීව මෙලෙසින් දැකීම ඔහුට වේදනාවක් විය..

🐻"බබා.. ඔයාට ආමාරුයිද ගොඩක්... එත් delivery එකට තව කල් තියනවනෙ.. අපි ඉක්මනින් hospital එකට යමු.. බය වෙන්න එපා.. මම ඉන්නවා ඔයා එක්ක.. ඉවසන්න පැටියෝ අපේ බබා වෙනුවෙන්.. මැණික මමාට රිද්දන්න එපා.. අපි ඉක්මනින් යමු.."

Cold CEO Dad Fell in love With a Coffee Boy (TK💚💜)  Where stories live. Discover now