♡10♡

343 55 0
                                    

ඔයාල කවුරුත් ඔයාලගේ අදහස් කියන්නේ නැති නිසා මම මේක මේ විදිහට ලියන් යනවා. අකමැති අයට කියවන්නේ නැතුව ඉන්න පුලුවන් .
-----------------------------------------------------------------------------------------------

9 years ago..
(ජන්ග්කුක්ට උනේ මොකක්ද කියල මේ පාර්ට් එකේදී කියන්නේ.)

ජන්ග්කුක්ගේ වයස අවුරුදු 13වයි. ජන්ග්කුකගේ හොදම යාලුවා eunwoo පොඩි කාලේ ඉදන්ම ඒ දෙන්නා ගොඩක් හොද යාලුවෝ. එයාලා නේබස්ලා. එයාලාගේ දෙමව්පියෝත් ගොඩක් හොද යාලූවෝ.. දෙන්නම එකම වයසේ නිසා එයාල සෙල්ලම් කරන්නේ , ස්කූල් යන්නේ, පාඩම් කරන්නේ , කන්නේ බොන්නේ හැමදේම පවා එකට කරන්නේ. දෙන්නට දෙන්න නැතුවම බෑ. Eunwoo ට අවුරුදු 9ක පුංචි නංගී කෙනෙකුත් ඉන්නවා. එයාට හැමෝම ආදරෙයි. එයා තමයි Aera . Aera එයාගේ eunwoo ඔප්පට වගේම ජන්ග්කුක්ටත් ගොඩක් ආදරෙයි.. Aera ගොඩක් වෙලාවට ජන්ග්කුක් එක්ක එකට ඉන්න ආසයි.. ජන්ග්කුක්ත් Aeraට ගොඩක් ආදරෙයි මොකද එයාට සහෝදරයන් හිටියේ නෑ. ඉතින් එයාගෙත් පුංච් නංගී උනේ Aera තමයි. ජන්ග්කුක් එයාට තමන්ගේම සහෝදරීයක් වගේ ආදරය කලා. ඒත් ඒ පුංචි හිත ඒවා දන්නේ නෑනේ. එයාගේ හිතේ ජන්ග්කුක් ගැන අමුතු හැගීම් ඇති වෙන්න ගත්තා.. ජන්ග්කුක් ඒවා දැනන් හිටියේ නෑ. Aera පුංචි උනත් ජන්ග්කුක්ට ගොඩක් ආදරය කලා. එයා ආදරය ගැන දන්නේ නෑ.. ඒත් ඒ පුංච් හිත එයාගේ ඔම්මයි අප්පයි එකිනෙකාව බලා ගන්න විදිහ පරිස්සම් කරන විදිහ බලාගෙන ඉදලා එහෙම කරනේ ඒ එයාට ආදරේ නිසා කියලයි හිතන් ඉන්නේ.. ඉතින් එයාගේ ජන්ග්කුක් ඔප්පත් එයාගේ ඔම්මාව අප්පා බලා ගන්නවා වගේ නිසා එයා හිතුවා එයාට ජන්ග්කුක් ඔප්පා කැමති ඇති කියලා. ජන්ග්කුක් එයාගේ පුංචි නංගිව ගොඩක් පරිස්සම් කලා. Eunwoo ට එයාගේ නංගිගේ මේ වෙනස තේරුනා. ඉතින් එයත් වැඩිය ඒක ගැන හිතුවේ නෑ. මේ වයසට ඒක සාමාන්‍ය දෙයක් නිසා. එයා ජන්ග්කුක් ගැන විශ්වාසෙන් හිටියේ. එයාගේ නංගිව ජන්ග්කුක් ගොඩක් පරිස්සම් කරනවා කියලා එයා දන්නවා.

Accident day..
( 2013 September 01)

ජන්ග්කුක් ගේ අප්පා දැන් ජන්ග්කුක් කරන කොෆී ශොප් එකේ ඔව්නර්.. ඒ කියන්නේ ඒක ජන්ග්කුක් ගේ අප්පා තමයි මුලින්ම පටන් ගන්නේ. ඉතින් ජන්ග්කුක් වගේම එයාගේ ඔම්මත් ගොඩක් පරිසරයට ආස නිසා එයාගේ අප්පා ඒක ගොඩක් naturel විදිහට හදනවා. මිනිස්සු ගොඩක් ඒ තැනට ආස වෙලා එයාලගේ දවසකට එන customersලා ගාන වැඩි වෙනවා. එයාලගේ ශොප් එක ගොඩක් ප්‍රසිද්ධ වෙනවා.

Cold CEO Dad Fell in love With a Coffee Boy (TK💚💜)  Where stories live. Discover now