♡03♡

489 60 8
                                    

Back to current story..

🐻මගේ පැටියා මොකද කරන්නේ ආ.. මගේ eun බබාට බඩගිනි වෙලාද ම්ම්ම්.. එන්න අපි හල්මොනීට කියලා රස කිරි එකක් හදාගමු. කෝ එන්න මගේ පැටියෝ අපි වොශ් එකක් දාගෙන ලස්සන ඇදුමක්  ඇදගමු.

ටේහියුන් පුංචි  eun බබාව වඩාගෙන ගොස් පිරිසිදු කර තමාද පිරිසිදු වී ඔෆිස් ඇදුමත් ඇදගෙන පහළ තට්ටුවට  ගියහ. ටේහියුන් පහළට යන විට  ඔම්මා කුස්සියේ උයමින් සිටියේය. ඔහුගේ අප්පා ඒ අසල ෆයිල් වගයක් බලමින් සිටියේය. 

🐻ගුඩ් මෝර්නින් ඔම්මා අප්පා.

 🕊️ආ නැගට්ට්ද මගේ පැටවු දෙන්නා.. ගුඩ් මෝර්නින් ටේ බෙයාර්..  

🦊ගුඩ් මෝර්නින් බෙයා.

🕊️කෝ අපේ eun පැටියා. ම්ම්.. පපා ගාව හුරතල් උනා ඇති දැන් කෝ එන්න හල්මොනී ගාවට දැන්.. අපි කිරි එකක් බීලා බන්ඩිය පුරව ගමු.

හල්මොනගේ කට හඩ ඇහුනත් එක්කම ටේහියුන්ගේ තුරුලේ ටේහියුන්ගේ ටයි පටියත් එක්ක සෙල්ලම් කර කර හිටපු පුංචි eun බබා  ඔලුව උස්සගෙන හිනාවුනේය. හල්මොනී ගාවට යන්න ඕන බව අගවමින් eun ටේහියුන්ගේ අත් අතර දැගලුවේය.

Mrs. Kim eun ව රැගෙන කුස්සියට ගිය අතරේ ටේහියුන් ඔහුගේ අප්පා ගාවට ගොස් ඉදගත්හ.

🐻අප්පා ඔය අලුත් ප්‍රොජෙක්ට් එකේ ෆයිල් එකද?

🦊ඔව් පුතා. මම මේ අලුතින් කරන්න ප්ලෑන් කරපු එකක්. අපිට මේකෙන් හොද ඉන්කම් එකක් ඒවී. මම මේක eun ගේ දෙවන බර්ත්ඩේ එකට කරන්නේ. මම මේක ගැන බලලා පුතාට කියන්නම්කෝ.

🐻දේ අප්පා. මගෙන් මොනාහරී උදව්වක් ඕනනම් කියන්න අප්පා එහෙනම්.

🦊හරී පුතා.

Taehyung Pov:
අප්පා eun  වෙනුවෙන් ගොඩක් දේවල් කරනවා. ඒත් මම අකමැතිම දවසක් eun ගේ බර්ත්ඩේ එක දවස. මගේ හානී අපිව තනි කරලා ගියේ මගේ මැණික ඉපදුන දවසෙමයි. ඉතින් මම කොහොමද ඒ දවස සමරන්නේ. මොනා උනත් ඒ මගේ ආදරය. ඒත් දැන් ඔයා නෑනේ. මට සමාවෙන්න හානී මට ඔයාගේ පොරොන්දුව තාම ඉශ්ට කරන්න බැරි උනාට.

Few minutes later...

🕊️අප්පයි පුතයි කතා කරලා ඉවරනම් ඇවිල්ලා කනවද? මට ගේ අස් කරන්න තියනවා. ඔයාලට ඔෆිස් යන්න ඕන නැද්ද ආ.. ඉක්මනට කාලා ඔෆිස් වලට යන්න දෙන්නම.
ටේ ඔයා eun  වත් එක්කන් යනවද අද?

Cold CEO Dad Fell in love With a Coffee Boy (TK💚💜)  Where stories live. Discover now