♡02♡

525 61 10
                                    

මේ දවස්වල ගොඩක් වැඩ තිබුනා මට... Update පරක්කු වුණාට sorry ළමයි....🙃

_______________________________________________________

🕊️ මගේ දරුවා හොදින් ඉන්නවා නේද doctor... ඒයාට ප්‍රශ්නයක් නෑ නේද? ටේ බේයා බය වෙන්න එපා අපේ හානීට මුකුත් වෙලා නෑ.. doctor මොනාහරී කියන්නකෝ..

👨‍⚕️මට සමාවෙන්න Mr.Kim ඔයාගේ wife ගැන මම කලින් අනතුරු අගවලායි තිබ්බේ.. එයා ගොඩක් weak කෙනෙක්.. එයාගෙන් ගොඩක් ලේ ගියා දරුවා බිහි කරද්දී. දරුගැබක් දරන්න තරම් Mrs kim ශක්තිමත් මදි..
මට ගොඩක් කණගාටුයි මේක ගැන කියන්න. Mrs. හානීට තව ටික වෙලාවයි තියෙන්නේ.

Taehyung Pov.
Doctor හානීගේ ජීවිතය අනතුරේ තියෙන්නේ කියපුවහම මගේ හුස්ම නැවතුණා වගේ කියලා දැනුනා මට. අනේ මගේ මැණික මාව තනිකරන්න එපා. මට ඔයාව ඕන.

🐻නෑ නෑ මේක බොරුවක් නේද doctor ඔයා විහිලුවක් නේද කරන්නේ? මගේ හානී හොදින් නේද? එයාට මුකුත් වෙන්නේ නෑ නේද? අනේ එයාව බේරලා දෙන්න මට.

👨‍⚕️සන්සුන් වෙන්න Mr. Kim. මට සමාවෙන්න. මම පුලුවන් හැමදේම කලා. ඒත් මට Mrs. හානීව බේරගන්න බැරිවෙයි. මට කණගාටුයි Mrs. Kim ගැන.

Taehyung pov:
මම පිරිම්යෙක් තමයි ඒත් මම මේ වෙලාවෙදි ගොඩක් අසරනයි. මගේ ඇස් වලින් එක දිගට කදුලු වැටෙන්න ගත්තා. මට ඉක්මනට මගේ හානීගේ පපුවට තුරුළු වෙන්නයි දැන් ඕන.

🐻ම.. ම.. මට මගේ wife ව බලන්න පුලුවන්ද? මම හානී ගැන doctor ගෙන් හිත ශක්තිමත් කරගෙන ඇහුවා.

👨‍⚕️ඔව් Mrs. හානීව ඔයාට බලන්න පුලුවන්. ඇතුලට යන්න. මම nurseට කියන්නම් දරුවව clean කරලා ගේන්න කියලා.

මම ඉක්මනින් හානීගේ room එක ලගට දුවගෙන ගියා. මගේ ඇගිලි වෙවුලන්න ගත්තා.. doctor කියපු දේවල් එක්ක මට හානී ගැන ලොකු බයක් ඇති උනා. මම හෙමීට දොර ඇරගෙන ඇතුලට ගියා. මම යද්දි දැකපු දෙයින් මගේ මගේ පපුවට පිහියෙන් අනිනවා වගෙයි දැනුනේ. මගේ එකම ආදරය අමාරුවෙන් හුස්ම ගන්නවා. මගේ ඇස් වලින් කදුලු කඩාගෙන වැටුනා. මම එක තැන ගල් උනා. මගේ ආසාව නිසා මගේ හානීට මෙහෙම උනේ. මම ගොඩක් ආසාවෙන් හිටියේ අපි දෙන්නගේ දරුවෙක් හුරතල් කරන්න. ඒත් මම නිසා හානී එයාගේ ජීවිතය අනතුරේ දාගත්තා. මට මන් ගැන ලොකු කෙන්තියක් ආවා. මම නිසයි මේ හැමදේම.

Cold CEO Dad Fell in love With a Coffee Boy (TK💚💜)  Where stories live. Discover now