05. කොටස

2.7K 404 137
                                    

ඒත් ඒ සැනසීම එක මොහොතකට විතරයි ......ඊලගට යීබෝ කියපු දේ නිසා මගෙ ඔළුවට අකුණක් ගහනව වගෙයි මට දැනුනෙ.......

*
*
*
" රදීශ් ප්ලීස්....... මෙතන එපා.....ඇතුලට යමු.....ම්ම්....?"

එයා එහෙම කිව්වෙ රදීශ් කියන කොල්ලට ඇස් කොනින් මාව පෙන්නනගමන්.....ඒ කියන්නෙ....මෙතන එපා කියන්නෙ ඇතුලට ගිහින් කමක් නැ කියන එකද...? එතකොට රදීශ් එයාගෙ................

ඇයි කියන්න මං දන්නෙ නැ.....මට දරාගන්න බැරි වේදනාවක් දැනුනා..... ඇයි මට මෙහෙම රිදෙන්නෙ....?එයා ඇස් කොනින් මාව පෙන්නකොට ඒ වෙලාවෙයි රදීශ්  කියන එකා වගේම එතන හිටපු අනිත් කොල්ලොත් මාව දැක්කෙ.......

"ඕ මයි ගෝඩ්........!! යීබෝ........කවුද මේ  හැන්ඩ්සම්........?"

එහෙම කියගෙන එතන හිටපු එක කොල්ලෙක් මගෙ ඉස්සරහට ආවා.......

"හායි හැන්ඩ්සම්........අයිම් අදීෂ........."

ඒ කොල්ලා හිනා වෙලා මගෙ ඉස්සරහට අත දික් කරා.....
මෙතන ඉන්න යීබෝගෙ යාළුවො  එක්කෙනෙක්වත් මං  කලින්  දැකපු අය නෙමෙයි... මීට කලින් එයා හම්බ උන අයව මං කාර් එකේ ඉදන් ඈතට දැකලා තිබුනත් කාගෙවත් ඉස්සරහට ගිහින් නෑ.....

කවුරු උනත් එයාට ලැජ්ජ නොකර මං හරියට හැසිරෙන්න ඕනෙ......මොනව උනත් මං කරන්නෙ එයාගෙ යටතෙ රස්සාවක්....එහෙම හිතනගමන් මාත් මගෙ අත ඉස්සරහට දික් කරනකොට යීබෝ එකපාරටම අර අදීෂ කියන කොල්ලව පිටිපස්සට ඇදලා ගත්තා.....

"ආහ්හ්....මොකක්ද බන් ඒ කරේ.....?"

"උඹට පිස්සුද ආදී.....ඒ මගෙ ඩ්‍රයිවර්.... යාළුවෙක් නෙමෙයි....."

"වට්.......???? ඩ්‍රයිවර්.....????"

යීබෝ ,රදීශ්  ඇරෙන්න අනිත් කොල්ලො ටික එකපාරටම එහෙම අහද්දි මං අහක බලාගත්තා......ඒක මෙයාලට පුදුම වෙන්න දෙයක්ද......?

"වාව්.......නියමයිනෙ.....මේතරම් හොට් හැන්ඩ්සම් ඩ්‍රයිවර් කෙනෙක් කොහෙන්ද බන් හොයාගත්තෙ....?"

"නළුවෙක් වගෙනෙ......."

"නළුවො පරාදයි බන්....... එයා ඒන්ජල් කෙනෙක්......."

"වාව්  මචං.....  හීස් සෝ හොට්......."

මුන් හැසිරෙන්නෙ මීට කලින් කොල්ලෙක් දැකලා නැ වගේනෙ.... එතකොට මේ ඔක්කොම ගේ ද..? මෙයාලා වගේම යීබෝත්...? සුරේන් සර් මේවා දන්නවද....

මගේ හිතුවක්කාරයා (Zhanyi) CompletedWhere stories live. Discover now