41.කොටස

1.9K 277 148
                                    


මං අතෙ තිබුන ෆයිල් එකයි බෙහෙතුයි දේවාන්ගෙ අතින් තියලා මගෙ මැණික ලගට ගිහින් සෝෆා එක ලග දණ ගහලා මගෙන් ගුටි කාලා රතු උන කම්මුල් මගෙ අත් දෙකෙන් පරිස්සමට අල්ලගත්තා....

*
*
*
*

'උබෙ වචන වලින් මං විදෙව්වට උබ මට වඩා විදවලා මැණික.....උබ අවුරුදු  ගානක් තනියමද විදවලා..... දැන් ආයෙත් විදනවද.....? නෑ.... අදින් පස්සෙ එහෙම වෙන්න බෑ......' මං එයාගෙ නලලින් හාදුවක් තියලා ඒ කම්මුල් දෙකත් සිපගද්දි මගෙ ඇස් වලින් ගලන් ගිය කදුළු මටවත් නවත්තගන්න බැරි උනා...

"ශාන් අයියේ.... මේ............"

"ටිකක් ඉන්න දේවාන්.... මං එයාව කාමරෙන් තියලා එන්නම්..... උබට පරක්කු වෙනවද මල්ලි....?"

"නෑ අයියෙ.... ගිහින් මේකාව වොශ් කරලම එන්න... මූ බීලාද නාලද කියලා හිතාගන්න බෑ...  මේ වගේ තත්වෙක ඉන්නකොට බොන්න හොද නෑ කියලා නොදන්නවා වෙන්න බැහැනෙ.... ඩොක්ටර් කිව්වා මූට ඇල්කොහොල් හොදම නෑ කියලා......"

"ම්ම්.... කාමරෙන් තියලා ඇවිත් මං ඩොක්ටර්ට කෝල් එකක් ගන්නම්....."

මගෙ ටයි එකයි සපත්තුයි ගලවලා මං ශර්ට් එකේ අත් වැලමිට ලගට නවාගත්තා.... ඊටපස්සෙ නිදාගෙන හිටපු එයාගෙ සපත්තු මේස් ගලවලා මං එයාව  අත්දෙකට උස්සලා ගන්නකොට එයා නින්දෙන්ම මගෙ පපුවට තුරුල් උනා..... එයාව අරගෙන මං කෙලින්ම ආවෙ අපේ කාමරේ වොශ් රූම් එක ඇතුලට..... ඇදුම් පිටින්ම බාත්ටබ් එක ඇතුලෙන් එයාව තියලා ඇගෙ තියෙන ඔක්කොම ඇදුම්   පරිස්සමට ගලවලා අයින් කරා.....

'මගෙ මැණික...' මං එයාව මෙහෙම දකින්නෙ දවස් දෙකකට පස්සෙ.... මං ටික වෙලාවක් එයා දිහා බලන් හිටියා..... මගේම උන දවසෙ ඉදන් මේ නිරුවත හැමදාමත් මගෙ ඇස් දෙකට නුපුරුදු දෙයක් නොවුනත් තාමත් මෙහෙම දකිනකොට පළවෙනි දවසෙ දැක්කා වගේම මගෙ ඇස් උමතු වෙනවා.... මගෙ මුළු ඇගම හිරිවට්ටනවා.... මගෙ කොල්ලා ලෙඩෙක් නෙමෙයි .....මං එයාට එහෙම වෙන්න දෙන්නෙ නෑ.....මං එයාට එහෙම හිතන්න දෙන්නෙත් නෑ.....

"ම්හුක්...ම්හ්හ්හ්ම්......"

මං බාත් ටබ් එකට මද උණුසුම් වතුර පුරවද්දි එයා කෙදිරිගාගෙන හෙමීට ඇස් ඇරියා.....

මගේ හිතුවක්කාරයා (Zhanyi) CompletedWhere stories live. Discover now