ඒ කතා කරපු කෙනා දිහා පුදුමයෙන් වගේම හිනා වෙලා බලන් හිටපු බෝ මගෙ අතත් අතඇරලා දුවන් ගියේ ඒ කොල්ලා ලගට... ගියගමන් ඒ කොල්ලා දිග ඇරගෙන හිටපු අත් දෙක මැදට ගිහින් ඒ කොල්ලගෙ පපුවට තුරුල් වෙද්දි මගෙ හිතට ඊරිසියවක් එක්ක දැනුන කේන්තියට බෑග්ස් ටික අල්ලන් හිටපු මගෙ අත්දෙකම තදින් මිටි මෙලවුනා.....
*
*
*"අශූ....මගෙ චූටි මල්ලා.... දැන් ලොකු කොල්ලෙක්නෙ.... කොහොමද චූටියෝ....?"
"මං හොදින් අයියෙ... ඔයාට කොහොමද...? නිකන්වත් ආවෙ නෑ නේද මාව බලන්න... නැන්දි කිව්වෙ නැද්ද මං ආවා කියලා...?"
"කිව්වා බන්.....ඒත් කැම්පස් ෆයිනල් ඉයර් නිසා මේ ටිකේම වැඩ වැඩි උනා... ඒකයි ගෙදරවත් යන්න බැරි උනෙ... ටිකක් ෆ්‍රී උනගමන් ගෙදර ආවා... හවස ඒ පැත්තෙ එන්න හිටියෙ..."
" බොරු නොකියා ඉන්නවා හලෝ... මාව දැක්ක නිසානෙ ඔහොම කිව්වෙ...."
"ආ බොරුනම් අම්මගෙන් අහපන්කො... අනේ මන්දා උබ තාම පොඩි කාලෙ වගේ මාත් එක්ක එල්ලෙන්නම තමයි බලන්නෙ...
එයාට මාව මතකත් නෑ අර කොල්ලගෙ ඇගේ එල්ලිලා කියවනවා... කතාවෙන් තේරුන විදිහට තේජාන්ගෙ මල්ලි වෙන්න ඕනෙ... ඒත් ඌ ලගින් තියන්නවත් බෑ.... අහිංසක පාටයි.... අහිතකින් මගෙ කොල්ලා දිහා බලනවා පෙනුනෙ නෑ... කතා කරන වචනයක් ගානෙ මගෙ එකාගෙ ඔළුව අතගානවා... දකින ඕන කෙනෙක්ට පේනවා බලන් ඉන්නෙ සහෝදර හැගීමෙන් කියලා.... මටත් මල්ලියෙක් ඉන්න නිසා ඒක මට තෙරුම්ගන්න පුළුවන්.... බෝ උනත් තේජාන් ලගදි වගේ නෙමෙයි හරි සැහැල්ලුවෙන් ඒ කොල්ලා එක්ක කතා කරන්නෙ... අපි බලමුකො මගෙ එකාට කීයටද මාව මතක් වෙන්නෙ කියලා....
දේවාන්
YOU ARE READING
මගේ හිතුවක්කාරයා (Zhanyi) Completed
Fanfictionඔබේ සිනා ලග නෙත නැවතුන දා...... ඔබේ කතා ලග සිත නැවතුන දා..... ප්‍රේමය හැදින්නෙමි.....❤️💚 🔞 Zhanyi