50.කොටස

1.5K 246 109
                                    


පුටුවෙන් නැගිටින්න ගිය මං ආයෙ පුටුවෙ ඉන්ද උනෙ ඒ ඇහුන කටහඩ නිසයි....අපි හිටපු ටේබල් එකේ අපේ ඉස්සරහම වාඩි වෙලා හිටියෙ වෙන කවුරුත් නෙමෙයි....
ඒ තේජාන්.....

*
*
*
*

තේජාන් දිහා බලලා මං වෙනුකි දිහා බලද්දි මං දැක්කා වෙනුකි කලබල උනා කියලා... ඒත් කෙල්ල උත්සාහ කරේ ඒක නොපෙන්වා ඉන්නයි.... තේජාන්ව දැකලා මං පුදුම උනෙ නෑ...මං කොහොමත් එයාව මෙහෙදි දකින්න බලාපොරොත්තුවෙන් හිටියෙ.... ඒ නිසයි බෝ අකමැති උනත් අද මං මේ ගමන ආවෙ....

"මාව මෙතනදි දැකලා ශාන් පුදුම උනෙ නෑ වගෙ...."

කටකොනකින් හිනා වෙලා තේජාන් අහද්දි  මං තේජාන් දිහා බලපු බැල්මට තේජාන් ගැස්සුනා කියලා මට තේරුනා....

"ඒ කියන්නෙ තේජාන් මෙතනට ආවෙ මාව පුදුම කරන්නද....? මං දැන් පුදුම වෙන්න ඕනෙද....?"

මාත් ඒ වගේම හිනා වෙලා අහද්දි තේජාන් ටේබල් එක උඩ තිබුන බීම වීදුරුවක් අතට ගත්තා....

"දැන්ම එපා... තව ඉස්සරහට පුදුම වෙමු...."

බීම වීදුරුව අරන් පුටුවෙන් නැගිටලා තේජාන් එතනින් ගියෙ වෙනුකිටත් බැල්මක් දාගෙනයි.... තේජාන් ගියගමන් වෙනුකිත් එතන තියෙන බීම වීදුරුවක් අරන් එක හුස්මට බිව්වෙ දවසටම වතුර පොදක් බීපු නැති එකෙක් වගෙයි.....

මං තාමත් තේජාන් ගිය පැත්ත බලන් කල්පනා කරේ තේජාන් යන්න කලින් කියපු දේ ගැන...

"ල්..ලොකු අයියෙ...ම්..ම්ට.......අග්බ්බ්....."

"වෙනුකි...ඇයි.. ඇයි මොකද....?"

වෙනුකි මොකක්ද කියන්න හදලා අතින් කට වහගෙන ගාර්ඩ්න් එකේ පැත්තකට දුවද්දි මාත් ඉක්මනට වෙනුකි පස්සෙන් ගියෙ මොනවා උනත් එකී මගෙ නංගි කියන එක අමතක කරන්න බැරි නිසයි.... අනිත් එක කෙල්ල ඉන්න තත්වෙ ගැන හිතලයි......මොන වැරද්ද කරත් නැන්දයි මාමායි නිසා මේ වෙලාවෙ මට ඒකීව අතඇරලා දාලා ඉන්න බැරි නිසයි......

"වෙනුකි මොකද මේ....?"

වෙනුකි කවුරුත් නැති තැනකට ගිහින් වමනෙ දානවා දකිද්දි මං ඉක්මනට කෙල්ල ලගට ගිහින් බැලුවා.... කලින් බීපු බීම එකත් එක්ක කලින් කාපුවත් ඔක්කොම වමනෙ ගිහින් වගෙ....

මගේ හිතුවක්කාරයා (Zhanyi) CompletedWhere stories live. Discover now