48.කොටස

1.9K 264 82
                                    


එයාට කියාගන්න බැරුව තොල් විතරක් නෙමෙයි කටහඩත් වෙව්ලද්දි මං එයාගෙ උරහිස් තදින් හොලවලා කෑගහනකොට එයා අඩාගෙන මගෙ පපුවට තුරුල් උනා......

"අනෙහ් ....අපෙ...තාත්තට..සිහිය.. ඇවිත්....අ.යි..යේ........"

*
*
*

අපි දෙන්නා පිස්සුවෙන් වගෙ දුවගෙන ආවෙ හොස්පිට්ල් එකට.... මගෙ කොල්ලා එනගමන් මග දිගට ඇඩුවා එයාට සතුට දරාගන්න බැරුව.... ඔව් ඇත්තටම එයාට දරාගන්න අමාරු ඇති....ඒකට හේතුව තාත්තට සිහිය ආපු එකම නෙමෙයි... අවුරුදු ගානකට පස්සෙ එයා අද තාත්තා ලගට යන්නෙ පොඩි කාලෙ තාත්තා ලග හිටපු තාත්තාට ගොඩාක් ආදරේ කරපු චූටි පුතා විදිහට.......

මටත් වචන වලින් විස්තර කරන්න බැරි තරම් සතුටුයි.... විසදුනෙ නැති මොනතරම් ප්‍රශ්න ගොඩක් අපි වටේ තිබුනත් මට දැනෙන්නෙ හැමදෙයකින්ම අපි ආරක්ෂිතයි කියලා... ඒතරමටම තාත්තා අපේ ජීවිතේ මහා පවුරක් වෙලා හිටියා නේද කියල දැන් මට තේරෙනවා.... හරියට මගෙ අප්පච්චි ආයෙත් දෙපයින් හිටගත්ත දවස වගෙ.....

කාර් එක පාකින් එකේ නවත්තලා අශූ අතින් ඇදගෙන මං දිව්වෙ ගෙදරින් පිටදි අපි කරන රගපෑම අමතක වෙලා යද්දි..... දැන් මොන ප්‍රශ්නයකටවත් බය නැතුව ශක්තිමත්ව මුහුණ දෙන්න අපිට පුළුවන් වෙයි.... අද ඉදන් අපෙ තාත්තා අපි ලග ඉන්නවා.....නොවිසඳුණු ප්‍රශ්න ගොඩකට විසදුම් අරන් එයා නැගිටලා.....

දුවලා ගිහින් තට්ටු නොකරම  හොස්පිට්ල් රූම් එකේ දොර ඇරියෙ තිබුන හදිස්සියටයි.... දොර අරිනකොටම  අපි දෙන්නා දැක්කෙ ඇදෙන් වාඩි වෙලා ඉන්න තාත්තව..... ඩොක්ටර් තාත්තා ලග හිටගෙන තාත්තා එක්ක කතා කරනගමන් හිටියෙ.... දොර ඇරුන සද්දෙට තාත්තා වගේම එතන හිටපු අය හැමෝම අපි දිහා බැලුවා....

රූම් එකෙ ඇතුලෙ තව හිටියෙ කවුද කියලා අපිට හිතන්න සිහියක් තිබුනෙ නෑ... අපි බලන් හිටියෙ කාලෙකට පස්සෙ ඇරිලා තියෙන තාත්තගෙ ඇස් දිහා... බෝ දිහාම බලන් හිටපු ඒ ඇස් වලට අමුතුම ජීවයක් එනවා මං දැක්කා....

"ච්..චූටි පුතා..."

"තාත්තේ.....!"

තාත්තාගෙ කටින් හෙමීට චූටි පුතා කියලා කියවෙනකොට බෝ දුවගෙන ගිහින් තාත්තට තුරුල් උනෙ තාත්තගෙ ඇස් පුදුමයෙන් ලොකු වෙද්දි.....

මගේ හිතුවක්කාරයා (Zhanyi) CompletedWhere stories live. Discover now