33.කොටස

1.7K 280 137
                                    

අපි අපේ ලෝකෙ අතරමං වෙද්දි  කෝල් එක එද්දි එයාට කේන්ති ගියා........එයා ඉන්නෙ අමාරුවෙන්..... එක තත්පරයක් ඇති අපි දෙන්නට ඇවිලෙන්න.... එයාට වගේම මටත් දැන් එයාව ඕනෙ.... ඒත් මෙතන කාර් එකේ ඇතුලෙ බෑ....කාර් එක ඩාන්ස් දානවා කැමරා වලට අහු උනොත් හෙට රෙදි නැතුව තමයි පාරේ යන්න වෙන්නෙ.......

*
*
*
චූටිගෙන්.....හදිස්සියක්ද දන්නෑ..... ආයෙත් බෝගෙ නැන්දා ගෙදර ඇවිත් කෑගහලද........? එකපාරක් නැන්දා ඇවිත් අම්මට හොදට දොස් කියල අපහස කරලා ගිහින් තිබුන නිසා නැන්දව ආයෙ ගේට් එකෙන් ඇතුලට ගන්න එපා කියල බෝ ගාඩ්ස්ලට කියලයි තියෙන්නෙ......

"චූටි...මොකද උනෙ....?"

කෝල් එක ආන්ස්වර් කරලා මං ඇහුවෙ කලබලෙන්......

"ලොකූ...... ඔයා වැඩකද ඉන්නෙ....?"

"නෑ බන්...මොකක්ද උනෙ කියපන්..."

"ලොකු අයියේ....අපේ මාමා කොස් කඩන්න ගිහින් අද හවස කොස්  ගහ උඩ ඉදන් වැටිලලු........"

"මොකාක්....?? කවුද කිව්වෙ....?"

"නැන්දා....හොදටම අඩ අඩ කෝල් කරේ......ගමේ අය එකතු වෙලා හොස්පිට්ල් අරන් ගිහින්...."

"මාමාට ගොඩාක් අමාරුයිද බන්......? "

"මං හිතන්නෙ නැන්ද කියපු විදිහට ගොඩාක් අමාරුයි  වගෙ....."

"හරි අපි දැන් ගෙදර එනවා....."

මං කෝල් එක කට් කරද්දි බෝ ඉක්මනට එහා සීට් එකට ගියා.......

"දැන් මොකද කරන්නෙ අයියේ.....?"

එයාටත් චූටි කියපු දේවල් ඇහුනා.....

"අපිට හැමදාමත් ගොඩාක් පිහිට උන මාමාව මේ වගේ වෙලාවක බලන්න යන්නෙ  නැතුව ඉන්න බැහැනෙ මැණික....බලමුකො ගෙදර ගිහින්.... එහෙම උනොත් අපි හෙට අම්මලවත් ගෙදරට දාලා මාමාවත් බලලා එමු.....ම්ම්...?"

"එතකොට ඩෑඩ්.....? මේ වෙලාවෙ මට ඩෑඩ්ව දාලා දුර යන්න බයයි අයියේ......"

තාත්තා ඉන්නෙ හොස්පිට්ල් එකේ පොලිස් ආරක්ෂාව යටතෙ උනත් මේ විදිහට දාලා යන්න අමාරුයි තමයි...... ඒත් මාමාට මොකද කියලා බලන්න නොගිහිනුත් බෑ......

"අපි හෙටම ගිහින් හෙටම එමුද මැණික......."

"ඒත් අයියෙ....ඩෑඩ්ට කොයි වෙලාවක හරි සිහිය එන්න පුළුවන් කියල ඩොක්ටර්ත් හවස කිව්වනෙ........"

මගේ හිතුවක්කාරයා (Zhanyi) CompletedWhere stories live. Discover now