39.කොටස

1.6K 265 182
                                    

මොන මගුලක්ද අප්පා....ඒපාර මේකි මොකාටද එන්න හදන්නෙ.... මගෙ කොල්ලා කේන්තියෙන් දත්මිටි කනවා මං ඇස් කොණින් දැක්කා....

*
*
*
*

"ම්ම්.... එන්න කියන්න ඇතුලට...."

මං එහෙම කියද්දිම බෝ ඉදගෙන ඉන්න පුටුවෙන් නැගිටිනකොට ඩිල්කිත් ගැස්සිලා එයා දිහා බැලුවා....

"ඕ..ඕකේ සර්......"

අතමිටිමොලවන් මං දිහා බලාගෙන ඉන්න කොල්ලව දකිනකොට ඩිල්කි ඉක්මනට ඔෆිස් රූම් එකෙන් එළියට ගියා.....

"යීබෝ.....වාඩි වෙලා ඔය වැඩේ ඉවර කරන්න.... තව හවස් වෙන්න කලින් ෆයිල්ස් ටික බදුල්ලට යවන්න ඕනෙ...."

මං එහෙම කියනකොට එයා වාඩි උනත් බලන් හිටියෙ දොර දිහා....විනාඩි පහකට පස්සෙ ඩිල්කි ආයෙත් ආවෙ වෙනුකි එක්ක..... වෙනුකි ඇතුලට ආපුගමන් වෙනුකිගෙ ඇස් නැවතුනෙ මගෙ කොල්ලා ලග........ එයා වෙනුකිව පුච්චලා දාන්න පුළුවන් බැල්මකින් බලන් ඉන්නකොට කෙල්ල මං ලගට එන්න බයෙන් දොර ලගම නැවතුනා...

"වෙනුකි...!"

"ල්..ලොකු අයියේ........"

"මොකටද මාව හොයාගෙන ගෙදරට ගියේ......?"

මං එහෙම අහනකොට වෙනුකි මගෙ කොල්ලා දිහා බල බල හෙමීට මගෙ ටේබල් එක ඉස්සරහට ඇවිත් හිටගත්තා....

"ලොකු අයියෙ මට ඔයත් එක්ක කතා කරන්න ඕනෙ....."

"මට තමුන් එක්ක කතා කරන්න කිසිම දෙයක් නෑ වෙනුකි......ඒක මං මීට කලිනුත් තමුන්ට කිව්වා... දැන් යන්න පුළුවන්......."

"අනේ ලොකු අයියේ....එකම එකපාරක් මං කියන දේ අහන්න....."

කියන්නෙ මොකක්ද කියලා දැන් ඇහුවෙ නැත්නම් මං ඒක අහනකන් මේකි මගෙ පස්සෙන් එනවා කියලා මං අත්දැකීමෙන් දන්නවා......

"ම්ම්....කියන්න තියෙන දෙයක් කියලා ඉක්මනට යනවා...මට වැඩ තියෙනවා......"

"ලොකු අයියේ මට ඔයත් එක්ක තනියම කතා කරන්න ඕනෙ...."

සලාංං.......💥

ඒ ඇහුන සද්දෙට වෙනුකි නම් උඩ ගිහින් බිම වැටුනා වගේ වෙද්දි මං නම් පුදුම උනෙ නෑ........මගෙ ටේබල් එකට ඉස්සරහ ටේබල් එකේ හිටපු එයාව මට පේන්නෙ නෑ වෙනුකිට කවර් වෙලා නිසා.....එකීට මං වාඩි වෙන්නවත් කිව්වෙ නැත්තෙ ආයෙ ඉක්මනට යවන්න ඕන නිසයි.... මං ඔලුව ටිකක් පැත්තට ඇල කරලා බැලුවා මොනවද පොලොවෙ ගහලා තියෙන්නෙ කියලා.... මේසෙ උඩ තිබුන වතුර වීදුරුව........

මගේ හිතුවක්කාරයා (Zhanyi) CompletedWhere stories live. Discover now