26.කොටස

2.1K 314 187
                                    


වෙනුකිත් කේන්තියෙන් හිටපු නිසා කවුරුත් වැඩි කතාවක් නැතුව යද්දි චූටි මාළිගාව ලගින් ගත්ත පොතක් කියවන්න ගත්තා.... පැයකින් විතර ගේ ලගට කිට්ටු වෙනකොට මට ඇහුනෙ මගෙ ෆෝන් එක රින්ග්ස් වෙන සද්දෙ.........

*
*
*

කාර් එක ගෙදර වත්තට දාලා අඹ ගහ යට නවත්තලා ෆෝන් එක අතට අරන් බැලුවා.... සුරේන් සර්ගෙන්....
වෙනුකියි මල්ලියි කාර් එකෙන් බැහැලා යද්දි එයා මාත් එක්ක කාර් එකේ ඉන්නකොටම මං කෝල් එක ආන්ස්වර් කරා...

"තාත්තේ........"

"ශාන් පුතා... උදේ මට කෝල්ස් දෙකතුනක් අරන් තිබුනා නේද.... මං මීටින්ග්ස් දෙකතුනක් නිසා උදේ වරුවම  බිසී උනා බන්... ඊයෙ රෑ මං නරක හීනයකුත් දැක්කා....මොකෝ අපේ එකා අවුලක් දැම්මද....? "

"ආහ්...නෑ නෑ තාත්තෙ... අපි නුවර ගියානෙ.... මේ දැනුයි ගිහින් ආවෙ.... උදේ මං ගත්තෙ අපි අද එනවා කියන්නයි... ඒත් තීරණෙ වෙනස් උනා....බෝට තව දවසක් මෙහෙ ඉන්න ඕනෙලු.... අපි හෙටම එන්නම්....."

"අපේ එකාට එහෙ හිතට අල්ලලා වගෙයි.... "

"ම්ම්...අම්මත් ආදරෙයිනෙ... අද මාළිගාවට ගිහින් ආවෙ... ගමේ වටෙ චුට්ටක් එක්කන් යන්නත් ඕනෙ...."

"අම්මා කැමති උනාද දරුවො...?"

"කටින් නොකිව්වට අම්මා අපිටත් වඩා එයාට ආදරෙයි  තාත්තෙ...."

"අනෙ මගෙ පොඩි එකා..........."

එහෙම කියලා තාත්තා ලොකු හුස්මක් ගන්නවා මට ඇහුනා....

"අපි හෙට හවස් වෙද්දි එන්නද....?"

"කමක් නැ දරුවො... උබට කරදරයක් නැත්නම් කොල්ලට කැමති දවසක් ඉදල වරෙන්......."

"මේ මගෙ පණනෙ තාත්තෙ...."

එයා සීට් බෙල්ට් එක ගලවලා මගෙ අතක් බදාගෙන උරහිසෙන් ඔළුව තියාගෙන අපි කියන ඒවා ඔක්කොම අහගෙන ඉන්නගමන් සැරෙන් සැරේන් මගෙ අත ඉඹිනවා.....

තාත්තා එක්ක කතා කරලා මං කෝල් එක කට් කරපුගමන් එයා මගෙ මුහුණ බලලා හරි ලස්සනට හිනා උනා.... මගෙ පණ.....

"මොකෝ කියන්නෙ මාසයක්ම ඉමුද...? තාත්තා නම් අවසර දුන්නා...."

" මරුනෙ..... එහෙනම් තාත්තට කියලා මෙහෙ ඔයාගෙ කාමරෙත් සවුන්ඩ්පෲෆ් කරගමුද....?"

මගේ හිතුවක්කාරයා (Zhanyi) CompletedWhere stories live. Discover now