06.කොටස

2.7K 403 107
                                    

දොර ඉස්සරහ හිටගෙන හිටියෙ එයා.... බිම බලන් අත ඉස්සරහට දික් කරගෙන හිටපු එයාගෙ අතේ මොකක්ද තිබුනා.......................

*
*
*
*
ඒක බොක්ස් එකක්.... එයා ඒක දික් කරගෙන ඉන්නෙ මට ගන්න කියලයි..... ඒත් මං ඒක අතට නොගෙන හොදට ඒක දිහා බැලුවා..... දැනුයි හරියටම දැක්කෙ....ඒක ෆෝන් එකක් දාපු බොක්ස් එකක්......පේන විදිහට ගොඩාක් වටින එකක්....

"මේ ඇයි බෝබෝ.......?"

මං එහෙම අහද්දි එයා ඔළුව ඉස්සුවා....ඒ ඇස් ආයෙ දිලිසෙනවා.... එයා ඒතරම් ආසද මං එහෙම කියනවට......

"ඔයාට........ම්ම්..ගන්න මේක....."

" ඒත් මට මොකටද......?"

"ඔයාගෙ ෆෝන් එක කැඩිලනෙ......"

"හ්ම්ම්....ඒත් ඇයි ඔයා මට ෆෝන් එකක් දෙන්නෙ.....?"

ඇයි දෙන්නෙ කියල මට යන්තමින් තේරුනත් මට ඕනෙ ඒක එයාගෙ කටින්ම අහගන්න.........

"ම්..මේ...ඒක කැඩුනෙ මගෙ අතින්......"

එහෙම කිව්වෙ ආයෙත් බිම බලාගෙන....වරදක් කරපු පොඩි එකෙක් බිම බලන් වැරද්ද පිළිගන්නව වගෙ......වෙන වෙලාවට ඉන්න නපුරු සිංහ පැටියා කොහෙද කියල හොයාගන්න නැ..... හරි අහිංසක පාටයි......

"හ්ම්ම්....ඒත් කොහොමද ඒක උනේ....? ෆෝන් එක විතරක් නෙමෙයි සිම් එකත් කැඩිලා.....කොහොම කැඩුනත්
ඒ වෙනුවට මට මෙච්චර වටින ෆෝන් එකක් ගන්න බැ බෝබෝ...... හෙට ගිහින් මං කලින් තිබුනා වගේම එක........................."

"අනේ මේ.... මගෙ යකා අවුස්සන්නෙ නැතුව මේක ගන්නවා.......!"

මං කියවලා ඉවර වෙන්නත් කලින් එයා එහෙම කියල මගෙ අත ඇදලා අරගෙන අත උඩින් අර ෆෝන් බොක්ස් එක තිබ්බා.......හහ් යකෝ මං දැන් ටිකකට කලින් අහිංසකයි කිව්වෙ මේකාටද.......?ෆෝන් එක අත උඩින් තියලා මට රවලා යන්න හැරුනත් ආයෙ නැවතිලා මං දිහා බැලුවා.....මං තාමත් ඇස් දෙක ලොකු කරන් එයා දිහා බලන් ඉන්නවා......

"ෆෝන් එකට සිම් එකකුත් දාලා තියෙන්නෙ....මගෙ නම්බර් එකත් සේව් කරලා තියෙන්නෙ....."

එහෙම කියල ගස්සගෙන ගියා........ යකඩෝ මේකා බලහන්කො...හහ්

මාත් එහෙම්මම දොර වහලා කාමරේට ආවා.... ෆෝන් බොක්ස් එක ඇද උඩින් තියලා අල්මාරියෙන් ශෝට් එකක් අරන් ඇදගෙන ටවල් එක රැක් එකට දාලා ආයෙ ඒ බොක්ස් එක අතට ගත්තා... මෙච්චර වටින ෆෝන් එකක්.... මං හිතන්නෙ මට ලැබෙන සැලරි දෙක තුනක් එකතු කලත් මේ වගේ එකක් ගන්න බැරි වෙයි....  මං මල්ලිගෙ වැඩ වලට පහසු වෙන්න හොද ස්මාර්ට් ෆෝන් එකක් අරන් දීලා තියෙන්නෙ....මේතරම් වටින්නෙ නැති උනත් තරමක හොද එකක් අරන් දුන්නෙ ඒකගෙ ඔන්ලයින් ක්ලාස් නිසයි.....

මගේ හිතුවක්කාරයා (Zhanyi) CompletedWhere stories live. Discover now