29.කොටස

2K 323 189
                                    

"ම්ම්...හරි හරි බන් පරිස්සමින් එන්නම්.... බුදුසරණයි....."

එයා කතා කරලා ඉවර වෙද්දි මං කාර් එක ස්ටාට් කරා.....දැන් හවස හතරත් පහු ඇති...

*
*
*

"අයියේ......"

"........................."

'සුදු අයියේ......."

"........................."

"අයියේ කතා කරනවකො....."

"........................"

එයා මට කතා කරත් මං ඇහුණෙ නැ වගෙ හිටියා....... කලින් හිතේ තිබුනෙ බයක් වේදනාවක් විතරයි.....ඒත් දැන්, ඒ වෙලාවෙ එයාට මොනාහරි උනානම් කියන බයත් එක්ක දැනෙන වේදනාවට කේන්තියත් එකතු වෙලා...එයා එක්ක කේන්තියි මට......

එයා... එයා කොහොමද එහෙම කරේ....? එයාව මරන්න හදපු එකීගෙ ජීවිතේ බේරගන්න එයා කොහොමද එයාගෙ ජීවිතේ අනතුරේ දැම්මෙ......? එයාට අද මොනාහරි උනානම් මට ජීවත් වෙන්න පුළුවන් වෙයිද.....? නැ මගෙ ගෙදර මිනිස්සු නිසාවත් මට ජීවත් වෙන්න බැරි වෙයි....ඒ තරමට එයා මගෙ හුස්මට ලේ නහර වලටම බැදිලා ඉවරයි.... එයා මගෙ හුස්ම වෙනකොට මං කොහොමද එයා නැතුව හුස්ම ගන්නෙ....? එයත් එක්කම මගෙ හුස්මත් නවතියි.....එතකොට මගෙ ගෙදර අයට එයාගෙ තාත්තට මොකද වෙන්නෙ....? ඇයි එයා එහෙම කරේ....?ඇයි එයාට එක මොහොතකටවත් මාව ,අපිව එයාට මතක් උනෙ නැත්තෙ.....?

"අයියෙ මට බඩගිනි......."

එයාට බඩගිනියිලු... ගෙදර යනකන් මොනව හරි අරන් දෙන්න හිතන් පොඩි රෙස්ටුරන්ට් එකක් ලග මං කාර් එක නැවැත්තුවා...

"මොනවද ඕනෙ....? ඇතුලට ගිහින් කනවද...? කාර් එකට ගේන්නද....?"

"මට ඕනෙ......... මට ඕනෙ ඔයාව.... කාර් එක ඇතුලෙ ඉදන් කන්න....."

එයා එහෙම කිව්වෙ මුහුණ පැත්තට ඇල කරගෙන හිනා වෙලා....වෙන වෙලාවක එයා ඔහොම කිව්වනම් මාව ඇවිස්සෙන්න තිබුනා.... කාර් එක කොහෙ හරි තැනක නවත්තලා එයාව මගෙ උකුලට අරන් ඇති තරම් එයාට මාව දෙන්න තිබුනා.....

පැයගානක් ඇස් දෙකට නොදැකපු ඒ රූපෙ.... පැය ගානක් මගෙ ඇස් ඉස්සරහ මැවි මැවි මාව නොමරා මරපු ඒ මුහුණ.... දැකපු වෙලාවෙම මට ඇති තරම් හති වැටෙනකන් ඉඹින්න ඕන උනා.... තවත් තුරුල් කරන් ඉන්න ඕන උනා....... දැනුත් ඒ හැගීම් එයා ගැන ඒ විදිහටම දැනුනත් සිද්ධ උන දේවල් දැනගත්තට පස්සෙ මගෙ හිතේ තියෙන කේන්තිය වේදනාව ඒ හැගීම් යටපත් කරා...... මේ වෙලාවෙ මං එයාට ලන් වෙන්න බයයි.... මොකද ,මගෙ හිතේ තියෙන වේදනාව කේන්තිය එයාව රිද්දයි කියල මට බයයි.....එයා දිහා ටික වෙලාවක් බලන් ඉදලා මං ආයෙත් කාර් එක ස්ටාට් කරා......

මගේ හිතුවක්කාරයා (Zhanyi) CompletedWhere stories live. Discover now