43.කොටස

1.9K 277 179
                                    

"ඔව් නේද....? ගෙදර ඉන්නකොට කොච්චර බර වැඩ තියෙනවද....? එහෙනම් වැඩියෙන් ගෙවන්න වෙයි ඈ.....?"

එයා ඒක කියද්දිම මගෙ ෆෝන් එක රින්ග්ස් වෙන්න ගත්තා..........

*
*
*
*
*
මං අත දිග ඇරලා නයිට් ස්ටෑන්ඩ් එක තිබුන ෆෝන් එක අරන් බැලුවා......කෝල් එක දේවාන්ගෙන්.....පාන්දර නිදාගන්න කලින් මං මැසේජ් එකක් දැම්මනෙ....ඒක දැක්කගමන් වෙන්න ඇති මේ ගන්නෙ......මං සරමත් එක අතකින් අල්ලගෙන ඇදෙන් නැගිටලා සරම තදට ගැට ගහගත්තෙ බැල්කනි එකට යන්න හිතන්.........

"කොහෙද මගෙ මහත්තයා ෆෝන් එකත් උස්සන් දුවන්නෙ....?"

හරිනෙ.....දැන් ඉතින් දීපන්කො උත්තර...... ඒත් මේ කෝල් එක මේකා ඉස්සරහ ආන්ස්වර් කරලත් බෑ නොකරත් බෑ....... දැන් ඉතින් මොකද කරන්නෙ......?මං ෆෝන් එක දිහා බලලා එයා දිහා හොරෙන් බලද්දී එයා එක ඇහිබැමක් උස්සන් මං දිහා බලන් ඉන්නවා..... ඊටපස්සෙ මට පේන්නම හෙමීට ඇගට දාලා තියෙන බ්ලැන්කට් එක අයින් කරා...... අනෙ දෙයියනේ.....මේ කොල්ලා මාව ආයෙත් මාව පිස්සු වට්ටන්න හදන්නෙ.......

මගෙ ඇස් ඒ මුහුණෙ ඉදන් පහලට එයාගෙ ඇග පුරාම නොසන්සුන්ව යද්දි මටත් නොදැනිම මගෙ කකුල් එයා ලගට ඇදුනා..... ඒ ඇග පුරාම රතු පාට පැල්ලම් නැති තැනක් හොයාගන්න නෑ....ඒතරම් ලස්සනට මං එයාව සිතුවම් කරලා.......මගෙ ඇස් හැමදාමත් රසවිදින, මගෙ ඇගට මගෙ තොල්වලට වලට හැමදාමත් සියුම්ව තැලෙන ඒ නිරුවතට පුළුවන් එක මොහොතින් මට මාව අමතක කරවන්න......මගෙ ඇගට කොච්චර තැලුනත්, පොඩි උනත් එයා හැමදාමත් උදේට නැවුම්ව පිපෙන නොඉදුල් මලක් වගෙයි...... ඇස් අඩවන් කරගෙන රෝසපාට තොල් පෙති හපාගෙන එයා මං දිහා බලන් ඉන්නවා.....ඇත්තමයි එයා නම් මායාවක්..... මං එයා දිහා බලන් ඒ අඩවන් ඇස් වල මායාවට අහුවෙලා ඇදට නැගලා එයාගෙ ඇගට උඩට ආවා විතරයි මට මතක....

"ශාන් අයියේ.......!! මේ ඇත්තමද හලෝ.......!!!"

"ආයිෂ්.......මොන හු............"

මොකක්ද උනෙ කියලා හිතාගන්න බැරුව මං ආයෙත් පියවි සිහියට ආවෙ එකපාරටම ටකරමකට ගල් ගහනවා වගෙ කන ලගින් ඇහුන කටහඩක සද්දෙට.....
ශිට්....එයා මගෙ අතේ තිබුන ෆෝන් එක ගත්තෙ කොහොමද.... මං කටත් ඇරගෙන එයාගෙ අතේ තියෙන ෆෝන් එක දිහා බලලා එයා දිහා බලද්දි එයා මට කින්ඩියට වගෙ කට කොණකින් හිනා උනා......

මගේ හිතුවක්කාරයා (Zhanyi) CompletedWhere stories live. Discover now