11.කොටස

2.5K 383 76
                                    

කතා කරන්න විසදගන්න ගොඩාක් දේවල් තිබුනත් මේ වෙලාවෙ ඒ දේවල් ගැන හිතන්න අපි දෙන්නටම ඕනකමක් තිබුනෙ නෑ...

*
*
*
*
කාර් එකේ සීට් එක පහත් කරලා එයාව පපුවට තුරුල් කරගෙන මං කල්පනා කරේ අද රෙස්ටුරන්ට් එකෙ ඇතුලෙ සිද්ධ උන දේ ගැන..... මං දැක්කා සමහරු බය වෙලා වගේ හිටියත් තවත් සමහරුන්ට ඒක විනෝදයක් උනා... ෆෝන්ස් එළියට අරන් සමහරු වීඩියෝ කරනවත් මං දැක්කා... මේවා සෝශල් මීඩියා වල ගියොත් සුරේන් සර්ගෙ නමටත් කැළලක් වෙන්න පුළුවන්.... සර් වගේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්ට මඩ ගහන්න මේ වගේ පොඩි දෙයක් උනත් ඇති... සිද්ධ උනෙ පොඩි දෙයක් උනත් ප්‍රසිද්ධ පුද්ගලයෙක් හරි සල්ලිකාරයෙක් හරි කියන කරන පොඩි දෙයක් ඇති මීඩියාකාරයන්ට වවාගෙන කන්න.... මේ ගැන මං සර් එක්ක කතා කරන්න ඕනෙ...

"අයියේ.......!!"

"අයිෂ්......මොකද කොල්ලෝ...? මොකෝ කන ලග ඉදන් කෑගහන්නෙ ආ....?"

" ඉතින් මං දැන් කීපාරක් කතා කරාද...?"

එයා මගෙ පපුව ඔළුව උස්සලා කන ලගටම ඇවිත් කෑගහද්දි මාව උඩ ගියා...

"කොයි වෙලාවෙද..? මට ඇහුනෙ නෑනෙ..."

"ඇහෙන්න ඉතින් ඔයා මේ ලෝකෙ ඉන්න එපැයිනෙ... මං ලග ඇග තිබුනට හිත තිබුනෙ වෙන තැනකනෙ..."

මගෙ මුහුණ එබීගෙන මුහුණත් ඇද කරගෙන ඒක කියපු ලස්සන.... අනේ ඉතින් දැන් මේ කෝලම මගේනෙ.... ඔය කෝලම් හුරතල් ඔක්කොම ඉවරයි ඉතින් මේකට තද උනාම....

"ඇගත් උබ ලග හිතත් උබ ලග තිබුනෙ බන්....."

" හෑ........??"

ඇස් දෙකත් ලොකු කරන් කටත් ඇරන්.... මේ හුරතලේට අර වගේ තරහා යනවද කියල හිතන්නවත් බැ....

"ඇයි මොකෝ හෑ ගාන්නෙ..?"

"ඔයා මට උබ කිව්වද.... මීට කලින් එහෙම කියල නෑනෙ... බන් කියලත් කිව්වා...."

"මීට පස්සෙ එහෙම තමයි කියන්නෙ...ඇයි එපාද...?"

"නෑ මං ආසයි... එහෙමත් කියන්න....මැණික කියලත් කියන්න...."

"එච්චරද.....?"

"නෑ අර කියපු ඒවා ඔක්කොම කියන්න....."

"මොනවද.....?"

"මොකක්ද අයියෙ.... දැන් ටිකකට කලින් තමුසෙ කියපුවා තමුසෙට මතක නැද්ද....??"

මගේ හිතුවක්කාරයා (Zhanyi) CompletedWhere stories live. Discover now