07.කොටස

2.6K 381 129
                                    


ඊටපස්සෙ එයාගෙ කටත් පිහිදනකොට එකපාරටම දොර ඇරෙන සද්දෙටයි අපි දෙන්නම ඒ පැත්ත බැලුවෙ....

*
*
*
*

"අනේ අශූ...... මගෙ මැණික.......!!"

"නැ..නැන්දි......."

"ඇයි මැණික නැන්දිට මේ සති දෙකේ කෝල් කලේවත් නැත්තෙ...? අපේ ගෙදර ආවෙත් නෑ....මටත් මේ ටිකෙ වැඩ වැඩි උන නිසයි චූටි මැණිකට කතා කරන්න බැරි උනෙ....අද මං අයියා හම්බවෙන්න ඔෆිස් එකට ගිහින් ඉන්නකොටයි නීතා අයියට කෝල් කලේ පුතුට උණ කියල....ඒක දැනගත්තගමන් මං මේ දුවගෙන ආවා... "

"මමත් මේ දවස් ටිකෙ ගෙදර හිටියෙ නෑ නැන්දි... අද ටිකක් ඇගට අමාරු නිසයි හිටියෙ..."

"දැන් අඩුයිද මැණික...? බෙහෙත් ගත්තද...? "

"උණ විතරයිනෙ නැන්දි... ටිකක් වමනෙ ගියාට දැන් අවුලක් නැ...."

"එහෙනම් කමක් නැ... මං ගොඩාක් බය උනා පුතු...තාම පපුව ගැහෙනවා....."

"අයියො නැන්දි උණක් කියන්නෙ මහ ලොකු දෙයක් නෙමෙයිනෙ... අවුරුදු ගානක් මං තනියම හිටියෙ මං ගැන බලාගෙන.... ඒත් දැන් හැමෝම ලග ඉන්නවනෙ.... මේ ශාන් අයියා මාව ගොඩාක් හොදට බලාගත්තා...."

"අහ්...මේ කවුද අශූ..?"

කොට ටයිට් ස්කර්ට් එකකුයි ඒකට ගැලපෙන්න ටයිට් බ්ලවුස් එකකුයි ඇදගෙන හයි හීල්ස් දාගත්ත අවුරුදු 50 විතර ගැහැණු කෙනෙක්.... එයා කිව්වෙ නැන්දි කියලා.... ඒ කියන්නෙ සුරේන් සර්ගෙ නංගි වෙන්න ඇති.....ඒ ගැහැණු කෙනා කෑගහගෙන ඇවිත් බෝබෝගෙ ඇදේ ඉදගෙන එයාගෙ අතින් අල්ලගෙන කියවන්න ගත්තා.... මං මෙතන ඉන්නවා කියලවත් තාම දැක්කෙ නැ.... නැත්නම් නොදැක්කා වගෙ හිටියද දන්නෙ නැ....

එකපාරටම උනේ මොකක්ද කියල හිතාගන්න බැරුව  හොල්මන් වෙලා මාත් තාම එතන බලන් ඉන්නවා...බෝබෝ මං ගැන කියද්දි  ඒ ගැහැණු කෙනා මගෙ පැත්තට හැරිලා නොරිස්සුමකින් වගේ එහෙම අහනකොටයි මං හරි සිහියට ආවේ.....

"නැන්..දි මේ තමයි  ශාන් අයියා.... මාව බලාගන්නෙ එයා තමයි....ඇයි ඩෑඩ් කිව්වෙ නැද්ද....? ශාන් අයියා ඩෑඩ්ගෙ යාළුවෙක්ගෙ පුතෙක්......"

"මොකක්....?? අයියා මට නිකන්වත් මෙහෙම දෙයක් කිව්වෙ නෑනෙ.... "

"ම්ම්...තාත්තිට අමතක වෙන්න ඇති..."

මගේ හිතුවක්කාරයා (Zhanyi) CompletedWhere stories live. Discover now