22.කොටස

2.2K 328 171
                                    


"මගෙ මහත්තයා එක්ක මාත් යනවා...."

"මොකාක්.....????// "

මටයි තාත්තටයි දෙන්නටම එකපාර කෑගැහුනා........

*
*
*
*

"ආයිශ්.....මොකද අප්පා කෑගහන්නෙ....?"

එයා මොකක්ද ඒ කිව්වේ...?මමයි  තාත්තයි දෙන්නම හොල්මන් වෙලා වගේ කෑගහගෙන එයා දිහා බැලුවා.... මේකා කන් දෙකේම ඇගිලි ගහන් අපිට ඔරවනවා......

"චූටි පුතා....මොකක්ද දැන් කිව්වෙ...?"

"ඒක ඇහිලා නැද්ද... ඔව් ඉතින් දෙන්නම නාකියොනෙ.... "

"මොනවද යීබෝ කොදුරන්නෙ...."

තාත්තට ඒ කියපු දේ ඇහුනෙ නැති උනත් මට ඇහුනා.... මේකා මටයි තාත්තටයි නාකියො කිව්වා.... ඒත් එයා ගමේ යනවා කියපු කතාව ඇත්තටම මටත් තේරුනෙ නැ.... එයා මේ කියන්නෙ මාත් එක්ක යනවා කියලද.... ඕහ්... නෑ නෑ ඒකනම් කීයටවත් වෙන්න බෑ........

"මං කිව්වෙ ශාන් අයියත් එක්ක මාත් එයාගෙ ගෙදර යනවා කියලා....."

එයා කියල තියෙන්නෙ මං හිතපු දේ තමයි....

"ඔයාට පිස්සුද චූටි පුතා....??  ඔයාව එක්කන් ගියොත් මේ කොල්ලට තියෙන ප්‍රශ්න තව වැඩි වෙයි...."

"ඩෑඩ්...! එයා ගිහින් එනකන් මට  මෙහෙට වෙලා පිච්චි පිච්චි ඉන්න බෑ...එහෙම උනොත් මට කොහොමත් පිස්සු හැදෙයි.... බය වෙන්න එපා.. එයාට ප්‍රශ්න වැඩි වෙන විදිහෙ කිසිම දෙයක් මං කරන්නැ.... ඒ නිසා මං යනවා..!"

"යීබෝ...!! හැම වෙලාවෙම හිතුවක්කාර වෙන එක නවත්තනවා...!! කියන දේ ටිකක් තේරුම්ගන්නවා....!!"

"තාත්තෙ.....එපා....ප්ලීස්...."

ඒ දෙන්නගෙ කතාවට මට සම්බන්ධ නොවී ඉන්න බැරි උනා... මෙහෙම කෑගහලා එයාව මෙල්ල කරන්න බෑ...මං හැදුවෙ එයාව බදාගන්නයි....ඒත් එයා එපා කියල මගෙ පපුවට අත තියලා ඈත් උනා....
එයා දැන් ඉන්නෙ කේන්තියෙන්.....

"මොකක්ද ඩෑඩ් ඔයා මට තේරුම්ගන්න කියන්නෙ...? ආ....?? ඔයා කවදාවත් මාව තේරුම්ගන්න උත්සාහ කරාද....?? ඔයා කවදාවත් ඔයාගෙ බැදීම් රැකගන්න උත්සාහ කරාද....?? "

"චූටි පුතා...... අහන්න දරුවො... මං කියන්නෙ මාව තේරුම්ගන්න කියලා නෙමෙයි... මේ කොල්ලා ඉන්න තත්වෙ තේරුම්ගනින්.... ඒ කොල්ලගෙ අම්මා අප්පච්චි ලෙඩ්ඩු බන්.... එකපාරටම හැමදේම දරාගන්න ඒ මිනිස්සුන්ට අමාරුයි.... මේ කොල්ලට සැනසීමෙන් ඒ ප්‍රශ්න විසදගෙන එන්න දීපන් පුතෙ...."

මගේ හිතුවක්කාරයා (Zhanyi) CompletedWhere stories live. Discover now